හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස
නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.
ඒ, වැලිගම W15 හෝටලට වෙඩි තැබීමේ සිදු වීමේදී මිය ගිය කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියාට ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ විසි පහක වන්දියක් ලබා දීම සම්බන්ධයෙනි.
2023 වසරේ දෙසැම්බර් මාසයේ 31 වන දා සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද සැකකරුවෙකු ලෙස නම් කර ඇති අතර ඔහු රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.
කෙසේ වුවද මෙම සිදුවීම වනවිට ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර පසුගියදා ඔහුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට ගෙන්වා ප්‍රකාශයක් සටහන් කර ගත්තද ඊට අදාල කිසිදු කරුණක් මේ වනතුරු ප්‍රකාශ වී නැත.