ප්‍රංශය විසින් ලබන ජුනි මාසයේදී පලස්තීනය ස්වාධීන රටක් වශයෙන් පිළිගැනීමට
සූදානමින් සිටින බවත් ඒ අනුව මැදපෙරදිග ඇතැම් රටවල්ද ඊශ්‍රායලය රටක් වශයෙන් පිළිගනු ඇති බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පවසා තිබේ.
පලස්තීනය රටක් වශයෙන් පිළිගැනීම කරා අප යොමු විය යුතු අතර මේ අනුව ප්‍රංශය ඒ සම්බන්ධයෙන් ඉදිරි මාස කිහිපය තුළදී කටයුතු කරන බව ප්‍රංශ ජනාධිපතිවරයා පවසා තිබේ.
තමා විසින් පලස්තීන රාජ්‍යය පිළිගැනීමට යනුයේ කිසිවකුවත් සතුටු කිරීමට නොවන බවත් කෙදිනක හෝ එසේ කිරීම නිවැරදි විය හැකි නිසා බව ප්‍රංශ ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
මේ වන විට ලොව පුරා රටවල් 150ක් පමණ පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් වශයෙන් පිළිගෙන තිබෙන අතර ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ජපානය වැනි බලවත් රටවල් විසින් එසේ කර නොතිබුණි.
මේ අතර සවුදි අරාබිය, ඉරානය, ඉරාකය, සිරියාව හා යේමනය ඊශ්‍රායලය රටක් වශයෙන් පිළිගෙන නොමැති බව වාර්තා වේ.
ප්‍රංශය විසින් පලස්තීන රාජ්‍යය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට යෑම හෙළා දැක ඇති ඊශ්‍රායල විදේශ කටයුතු ඇමැති ගිඩියොන් සාර් පවසා ඇත්තේ එය ත්‍රස්තවාදයට ලබා දෙන ත්‍යාගයක් වනු ඇත් බව ය.