අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලෝකයේ අනෙකුත් රටවල් සම්බන්ධයෙන් පනවා ඇති
අන්‍යොන්‍ය තීරු බදු පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකට ව්‍යාපාරික ගාමිණී කන්නන්ගර පවසන්නේ ට්‍රම්ප් සිදුකර ඇත්තේ අමෙරිකාව පාර්ශ්වයෙන් බැලූ විට ගත යුතුම තීරණයක් බවය.
2004 දී අමෙරිකානු රජය ණය ලබාගෙන තිබු ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 07ක් පමණක් බවත්, එය 2025 වනවිට ඩොලර් ට්‍රිලියන 37කට කිට්ටුවී ඇති බවත් ඔහු පවසයි.
දේශපාලනඥයෙකු නොව ව්‍යාපාරිකයෙකු වන ට්‍රම්ප් විසින් මේ ගෙන ඇති තීරණයට ව්‍යාපාරිකයෙකු වශයෙන් තමා කැමති බවත් ව්‍යාපාරික ගාමිණී කන්නන්ගර වැඩිදුරටත් පවසයි.
සම්පූර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන් නරඹන්න.