අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අසල්වැසි දූපත් රාජ්‍යයට කළ සංචාරයේදී ආරක්ෂක සහයෝගීතාව සඳහා
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම (MoU) මරුමලර්චි ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (MDMK) මහලේකම් වයිකෝ හෙළා දැක ඇති බව ඉන්දියාවේ 'ද හින්දු' පුවත්පත වාර්තා කරයි.
නිවේදනයක් නිකුත් කරමින් වයිකෝ පවසන්නේ මෝදි ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ සාකච්ඡා පැවැත්වූ බවත්, දෙපාර්ශ්වය අතර දෙරටේ ආරක්ෂක හමුදා අතර වන සහයෝගීතාව ඇතුළත් අවබෝධතා ගිවිසුම් හතක් අත්සන් කරන ලද බවත් ය.
"ලංකාවේ උතුරු නැගෙනහිර පැවති සිවිල් යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් එක්ලක්ෂ තිස්හත්දාහකට අධික සංඛ්‍යාවක් සමූල ඝාතනය කළේ සහ තරුණ කාන්තාවන් දහස් ගණනකට ලිංගික අතවර කළේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදායි. ඔවුන් පුද්ගලයන් කිහිප දෙනෙකු කුරිරු ලෙස ඝාතනය කිරීමෙන් විමුක්ති ව්‍යාපාරය මර්දනය කළා,"
වයිකෝ පවසයි.
"දෙමළ ප්‍රජාව ජන සංහාරය විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා හමුදාව හේග්හි ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය වූ අවස්ථාවක, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුම බෙහෙවින් හෙළා දැකිය යුතුයි,"
ඔහු තවදුරටත් පවසයි.