පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් නඩු පැවරීමෙන් වැළකී සිටීම සඳහා ශානි අබේසේකර සහ
රවී සෙනෙවිරත්න රජයේ ප්‍රධාන තනතුරු දරමින් දේශපාලන රැකවරණ භාවිතා කර ඇති බවට චෝදනා කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ඔවුන්ගෙන් ප්‍රශ්න කරන ලෙසය.
"පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල වූ විට ප්‍රධාන තනතුරු දැරූ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න වැනි පුද්ගලයින්, සිදුවූයේ කුමක්ද සහ කෙසේද යන්න පිළිබදව හොඳින් දනී. රජය මුලින්ම ඔවුන්ගෙන් ප්‍රශ්න කළ යුතුයි,"
ඔහු ප්‍රසිද්ධ රැස්වීමකදී පැවසීය.
"ඊට අමතරව, ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුගේ පුතුන් දෙදෙනෙකු එක් ප්‍රහාරයකට සම්බන්ධ වී ඇති බව රටම දන්නා කරුණකි. රජය මුළු ප්‍රශ්නයම දේශපාලනීකරණය කරනවාට වඩා දේවල් ඇත්තටම සිදුවූයේ කෙසේදැයි ඔහුගෙන් විමසිය යුතුයි,"
ඔහු තවදුරටත් පැවසීය.
සැබෑ වැරදිකරුවන් රජය තුළම සිටින බව පවසන මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගෙන් වැරදිකරුවන් කවුරුන්දැයි විමසීම තේරුමක් නැති දෙයක් බව ද පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව එවකට පැවති යහපාලන රජයේ අදාළ සේවාවන්හි ප්‍රධාන තනතුරු දැරූ නිළධාරීන්ටත්, එවකට රටේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාටත් ප්‍රහාරය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම හේතුව මත අධිකරණය විසින් වැරදිකරුවන් ලෙස මූල්‍ය දඩ නියම කෙරිනි.
ඒ අනුව ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යනු එවක යහපාලන රජයේ ප්‍රධාන තනතුරු දැරූ නිළධාරීන් දෙපලකි.
වර්තමාන රජය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යළි විමර්ශනයක් කරන බවට මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ට බලයට පත්වන අවස්ථාවේ පොරොන්දු දී තිබුණි.