SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගයේ දැක්ම ගොඩනැඟීමේ දී සුවිශේෂ කාර්යයක් සිදුකළ ආචාර්ය දිලීප විතාරණ

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම සුළුපටු කාරණාවක් නොවන බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

 



ජාතික ජන බලවේග ප්‍රවාහන කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කළ දිලීප විතාරණ ආණ්ඩුවේ පුනරුද සංකල්පය ගොඩනැඟීමේ දී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බව ද ඔහු පෙන්වා දෙයි.



ආණ්ඩුවට ඉතාම පක්ෂපාතී අයකු වූ ආචාර්ය දිලීප විතාරණගේ ඉල්ලා අස්වීම ආණ්ඩුවට අනතුරු ඇඟවීමේ සංඥාවක් බව ද නිර්මාල් දේවසිරි සඳහන් කරයි.

 

 

මේ ආණ්ඩුව දේශපාලන වශයෙන් මෙහෙයවන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ නායකත්වය විසින් බවද ආචාර්ය දේවසිරි එහිදී අවදාරණය කරයි.

 


මේ වන විට ජාතික ජන බලවේගය නිෂ්ක්‍රීය වී ජනතා විමුක්ති පෙරමුණ ඉස්මතු වී ඇති බවත් මේ වන විට ආණ්ඩුවේ පදනම විශාල වශයෙන් දුර්වල කර ගෙන ඇති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 

 

නවතම ලිපි