SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සභාපති ධුරයට ෂම්මි සිල්වා

සිව්වන වරටත් නිතරගයෙන් තේරී පත් වී තිබේ.

 

 

අද (31) පැවති මණ්ඩලයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී (AGM) ඔහු නැවත තේරී පත් වූ අතර, මෙම පත්වීම 2025 සිට 2027 දක්වා වසර දෙකක කාලයක් සඳහා ක්‍රියාත්මක ය.

 

 

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී, ඉන්දියාවේ වත්මන් අයිසීසී සභාපති ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට පත්වීමත් සමග, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ඒසීසී) සභාපති ධුරයට ෂම්මි සිල්වා සිල්වා පත්විය.

 

 

ව්‍යාපාරිකයෙකු වන ෂම්මි සිල්වා හා  2023 දී එවකට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ගැටුමක් ඇතිවූ අතර අමාත්‍යවරයා විසින් අතුරු කමිටුවක් පත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  ICC යෙන් අත්හිටුවන ලදී.

 

ICC තහනමේ ක්ෂණික ප්‍රතිඵලයක් ලෙස, පසුගිය වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ U-19 පිරිමි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට මාරු කරන ලදී.

 

පසුව ක්‍රීඩා අමාත්‍යවරයා ධුරයෙන් පහ කරන ලද අතර අධිකරණය විසින් ෂම්මි සිල්වාගේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය නැවත ස්ථාපිත කරන ලදී.

 

2025 - 2027 වාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු සඳහා පහත නිලධාරීන් නිතරගයෙන් තේරී පත් වී ඇත.

 

උප සභාපති - ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න
ලේකම් - බන්දුල දිසානායක
භාණ්ඩාගාරික - සුජීව ගොඩලියද්ද
සහකාර ලේකම් - ක්‍රිශාන්ත කපුවත්ත
සහකාර භාණ්ඩාගාරික - ලසන්ත වික්‍රමසිංහ

 

 

නවතම ලිපි