සෝලා ව්‍යාපෘතිවලින් සාමාන්‍ය ජනතාව ඉවත් කර කොම්පැනිවලට එම අවස්ථා ද ලබාදීමේ අරමුණින්
ආණ්ඩුව නව චක්‍රලේඛ නිකුත් කරමින් ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
එම ව්‍යාපෘතිවලට සාමාන්‍ය ජනයා සම්බන්ධ වෙන ‘නෙට් ප්ලස් ප්ලස්’ ක්‍රමය අත්හිටුවීමට ක්‍රියා කර ඇත්තේ එම අරමුණින් යැයි ද ඔහු කියයි.
කිලෝ වොට් 40 දක්වා සූර්ය පැනල තම නිවෙස් මත සවිකර ගැනීමේ හැකියාව ජනතාවට තිබූ බවත් ඒ අනුව ජනතාව එසේ සවිකර ගෙන අතිරික්තය විදුලිය මණ්ඩලයට විකුණා මුදලක් උපයාගත් බවත් සඳහන් කළ පුබුදු ජයගොඩ එම අවස්ථාව ජනතාවට අහිමි කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ යැයි ද සඳහන් කරයි.
මීට අදාළ චක්‍රලේඛ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් මේ වන විට නිකුත් කර ඇතැයි ද කී ඔහු එසේ කරනුයේ සාමාන්‍ය ජනතාව මේ පිළිබඳව දැනුවත් වීම වැළැක්වීමට යැයි ද කීවේය.
“ලංකාව බලාපොරොත්තු වෙනවා පුනර්ජනනීය බලශක්තිය මගින් රටේ විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් සම්පූර්ණ කරගන්න. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙනව නම් කිලෝවෝට් පැය 2000ක් සූර්ය විදුලිබලය නිපදවන්න එයින් 1800ක්ම සාමාන්‍ය ජනතාව පියසි මත සවි කළ සූර්ය පැනල හරහා නිපදවන්න පුළුවන්. එතකොට කම්පැනිවලට ඉඩ තියෙන්නේ කිලෝවොට් පැය 200කට විතරයි. සාමාන්‍ය ජනතාව මේකෙන් ඉවත් කරන්න හේතුව තමයි දැවැන්ත ඒකාධිකාර සමාගම්වලට පුනර්ජනනීය බලශක්තිය නිපදවීමේ හිමිකාරීත්වය පැවරීමේ අරමුණ ආණ්ඩුවට තිබීම”.