ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරයේදී ආරක්ෂක, බලශක්ති සම්බන්ධතාවය
සහ ඩිජිටල්කරණයට අදාළ අවබෝධතා ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට නියමිත බව ඉන්දීය ආරංචිමාර්ග පවසයි.
නවදිල්ලි නුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පැවසුවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බවත් ඔහු අප්‍රේල් 4 වන දින සවස දිවයිනට පැමිණෙනු ඇති බවත්ය.
වික්‍රම් මිස්රි වරක් ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ලෙස සේවය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ එක්වෙමින් නරේන්ද්‍ර මෝදි ඉන්දීය රාජ්‍ය නායකයා, දීර්ඝ කාලයක් තිස්සේ පැවති සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ මුල්ගල් තැබීම නැරඹීමට නියමිතයි. මිස්රි ට අනුව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත. එසේම ඔහු අනෙකුත් දේශපාලන නායකයින් ද හමුවීමට නියමිතය.
මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය මෝදි අනුරාධපුරයට ද සංචාරය කරන අතර එහිදී ජය ශ්‍රී මහා බෝධිය අබියස පැවැත්වෙන ආගමික වතාවත්වලට සහභාගී වනු ඇත.
වික්‍රම් මිස්රි විසින් මෙය සඳහන් කලේ දෙරට අතර ඓතිහාසික සබඳතාවල සංකේතයක් ලෙස ය. අනුරාධපුරයේදී, ඔහු ඉන්දීය අරමුදල් සපයන ව්‍යාපෘති කිහිපයක් ද විවෘත කරනු ඇති බව පවසයි.
ඒ ආර්ථික අර්බුදය අතරතුර කාලයේ ඉන්දියාව විසින් දෙන ලද ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක මූල්‍ය ආධාර වේ.