SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මියන්මාරයේ රික්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුව ඇති බව

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි.

 

චීනයට සහ තායිලන්තයට ද භූකම්පනයේ ප්‍රබලත්වය දැනුණු අතර, බැංකොක්හි ගොඩනැගිලිවලින් ඉවත් වූ පුද්ගලයින් වීදිවල රැස්වී සිටින ආකාරය දැක්වෙන දර්ශන සමාජ මාධ්‍යවල පළ විය.

 

 මියන්මාරයේ සිදුවූ ප්‍රබල භූ කම්පනය නිසා දිය ඇල්ලක් බවට පත් වූ බැංකොක්හි පිහිනුම් තටාකය

 

ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, භූමිකම්පාවේ අපිකේන්ද්‍රය බුරුමයේ සගෙයිං නගරයේ සිට කිලෝමීටර් 16ක් වයඹ දෙසින් වූ මණ්ඩලායි නගරය ආසන්නයේ පිහිටා ඇත. මෙය නේපිඩාව් සිට කිලෝමීටර් 100ක් පමණ උතුරින් පිහිටි ප්‍රදේශයකි.

 

නේපිඩාව්හි AFP මාධ්‍යවේදීන් පැවසුවේ, භූකම්පනයේ ප්‍රබලත්වය හේතුවෙන් මාර්ගවලට පවා හානි සිදුව ඇති බව සහ ගොඩනැගිලිවල සිවිලිම් පවා කඩා වැටී ඇති බව ය.

 

mian 2

 

මියන්මාරයේ සිය ගණනක් මිය ගොස් 'දැවැන්ත හානියක්' සිදුවී ඇතැයි සැක පළ කරයි

 

භූ කම්පනයෙන් බලපෑම් එල්ල වූ මියන්මාරයේ මැන්ඩලේහි සිටින මුදා ගැනීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු බීබීසීයට පැවසුවේ, සිදුව ඇති "හානිය අතිමහත්" බව ය.

 

"මරණ සංඛ්‍යාව ත් තරමක් වැඩියි. ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන නිසා අපට දැනට කියන්න පුළුවන් එච්චරයි," ඔවුහු පවසති.

 

"තුවාල ලැබූ සංඛ්‍යාව තවම නිශ්චිතව ම කියන්න බැහැ, නමුත් එය අවම වශයෙන් සිය ගණනක් කියලා කියන්න පුළුවන්."

 

බැංකොක්හි ගොඩනැගිල්ලක් කඩා වැටී කම්කරුවන් 70 දෙනෙක් අතුරුදන්

 

මියන්මාරයේ සිදුවූ භූමිකම්පාවෙන් තායිලන්තයේ අගනුවර වන බැංකොක්හි වැඩ නිම නොකළ ගොඩනැගිල්ලක් කඩා වැටී කම්කරුවන් 70 දෙනෙකු අතුරුදහන් වී ඇති බව තායිලන්තයේ හදිසි ප්‍රතිකාර පිළිබඳ ජාතික ආයතනය පවසයි.

 

මීට පෙර පුද්ගලයින් 43 දෙනෙකු අතුරුදහන් වී ඇතැයි වාර්තා විය.

 

ෆේස්බුක්හි සටහනක් තබමින්, එය පවසා ඇත්තේ කඩා වැටෙන අවස්ථාවේ සේවකයින් 320ක් පමණ එම ස්ථානයේ සිටි බව ත්, තවත් 20 දෙනෙකු විදුලි සෝපාන තුළ සිරවී සිටින බව ත් ය.

 

මරණ සංඛ්‍යාව පැහැදිලි නැති අතර, දිවි ගලවා ගත් අය සෙවීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් දිගට ම කටයුතු කරන බැවින්, සිද්ධිය වූ ස්ථානයේ ක්ෂේත්‍ර රෝහලක් පිහිටුවා තිබේ.

 

mian 3

මියන්මාරයේ අසල්වැසි රටවලට කම්පනය දැනුණු ආකාරය සිතියමේ දැක්වේ

 

mian 4

 

බීබීසී මාධ්‍යවේදිනියකගේ අත්දැකීම

 

බැංකොක්හි වෙසෙන බීබීසී මාධ්‍යවේදිනියක වන බුයි තු, බීබීසී ලෝක සේවයේ නිව්ස්ඩේ වැඩසටහනට පැවසුවේ පළමු භූමිකම්පාව සිදුවන විට ඇය නිවසේ ආහාර පිසිමින් සිටි බව ය.

 

"මම ගොඩක් බය වුණා," ඇය පැවසීය. "ඒ මොකක් ද කියලා මට තේරුණේ නැහැ, මොක ද බැංකොක්වල අවුරුදු දහයකටවත් මේ වගේ ප්‍රබල භූමිකම්පාවක් සිදු වෙලා නෑ මම හිතන්නේ."

 

"මම හිටිය අපාර්ට්මන්ට් එකේ බිත්ති ඉරිතලලා තිබුණා. මිනිස්සු කෑ ගහමින් හිටියේ."

 

පසුකම්පනයකින් පසු, ඇය තවත් බොහෝ දෙනෙකු සමග පාරට දිව ගියා ය.

 

"මොක ද වෙන්නේ කියලා තේරුම් ගන්න අමාරු වුණා," ඇය පවසයි.

 

"බැංකොක්වල ගොඩනැගිලි භූමිකම්පාවලට ඔරොත්තු දෙන විදිහට නිර්මාණය කරලා නැහැ. ඒ නිසයි ගොඩනැගිලි ගොඩකට හානි වුණේ."

 

තායිලන්තයේ කාර්යාලයක් ඇතුළත දර්ශන

 

මියන්මාරයෙන් තොරතුරු ලබා ගැනීම දුෂ්කර ඇයි?

 

2021දී සිදු වූ කුමන්ත්‍රණයකින් පසු මියන්මාරය හමුදා ජුන්ටාවක් විසින් පාලනය කරනු ලබන අතර, එම නිසා තොරතුරු ලබා ගැනීම දුෂ්කර වී තිබේ.

 

එරට ගුවන්විදුලි, රූපවාහිනී, මුද්‍රිත සහ මාර්ගගත මාධ්‍ය සියල්ල ම පාහේ පාලනය කරනු ලබන්නේ රජය විසිනි.

 

ඉන්ටර්නෙට් භාවිතය ද සීමා කර තිබේ.

 

බිම් මට්ටමේ තොරතුරු සපයන ආයතන වෙත සම්බන්ධ වීමට බීබීසීයට නොහැකි වී ඇති බැවින් සන්නිවේදන මාර්ග ද බිඳ වැටී ඇති බව පෙනේ.

 

@ BBC Sinhala

නවතම ලිපි