ගෝලීය වෙළෙඳ යුද්ධය තවත් වර්ධනය කරමින් අමෙරිකා එක්සත් ජනපදයට ආනයනය කෙරෙන
මෝටර් රථ හා මෝටර් රථ අමතර කොටස් සඳහා සියයට 25ක නව ආනයන බද්දක් පැනවීමට මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ.
අමෙරිකානු ජනාධිපතිවරයාට අනුව මෙම නව ආනයන බද්ද ලබන අප්‍රේල් 02 වැනිදා සිට කඩිනමින් ක්‍රියාත්මක වන බවත් වාර්තාවේ සඳහන්.
මෙම නව ආනයනික මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස් සඳහා පනවා ඇති බද්ද ක්‍රියාත්මක කිරීමෙන් පසු එම වාහන හා කොටස් ආනයනය කරන ව්‍යාපාර සමාගම්වලින්ද නව ගාස්තුවක් අය කරන බව ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් නිවේදනය කර තිබේ.
අදාළ නව ආනයනික බද්ද හේතුවෙන් ඇමෙරිකාවේ මෝටර් රථ ආනයන කර්මාන්තයේ දැවැන්ත වර්ධනයක් ඇති වනු ඇතැයි පවසා ඇති ට්‍රම්ප් ජනාධිපතිවරයා ඒ හරහා ඇමෙරිකාවේ නව රැකියා අවස්ථාවන් හා ආයෝජන අවස්ථා වැඩි කරන බවට පොරොන්දු වී ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.