SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රට මැද නුවරක මාර්ග සංවර්ධනයට අදාල ආයතනයක අනංගයෙක් ඉන්නවලු.

මේ අනංගයා දැන් ඉන්න තනතුරට එන්නත්, අත්දැකීම් හරියට නැති මිනිහෙක් ලූ.

 

 

කොහොම හරි පහුගිය අවුරුද්දේ මේ කියන නුවර, අකුරු දෙකේ නමගිය කොන්ත්‍රාත් සමාගමක කරගෙන යන නගරයේ මාර්ග ව්‍යාපෘතියක් අධීක්ෂණය කරන්න මෙයාට ලැබුණලු.

 

ව්‍යාපෘතියත් මිලියන 800කට වැඩියි කියලා ආරංචිය. මෙයා වැඩකරන ආයතනයේ  කොළඹ ඉන්න ව්‍යාපෘතිවල බලන ලොක්කත් මෙයාගේම පාසැල් මිතුරෙක් ලූ. කොහොමින් කොහොම හරි යට කී ව්‍යාපෘතියට ක්ෂේත්‍රයේ වැඩ අධීක්ෂණයට ඉංජිණේරුවරයෙක් කොන්ත්‍රාත් පදනමින් ගන්න පුලුවන් කමක් තිබ්බලු.

 

 

අනංගයා ඉතින් එයාට ලඟින් තියාගන්න සුදුසුකම් බලන්නේත් නැතුව කාන්තා පාර්ශවයක් ගත්තලු. මේ කෙනා ලොකු වැටුපක් ගත්තට ව්‍යාපෘතියට අදාල වැඩ කරන්න අත්දැකීම් නැති කෙනෙක්ලු. ඒ විතරක් නෙමෙයි මේ මැදරට කොන්ත්‍රාත් කරන මුදලාලී කෙනෙක්ගේ සැපට හැදුන දුවක් කියලත් කියනව.

 

 

අනංගයාගේ මේ කාන්තා ලෝලීකමින් හානිය උනේ රටේ මහජන මුදල් වලටයි. මොකද අනංගයයි එයාගේ සහයිකාවයි ක්ෂේත්‍රයේ වැඩ හරියට අධීක්ෂණය කරන්නේ නෑ. කොන්ත්‍රාත් සමාගම  හිතූ හිතූ විදිහට වැඩ කරනවලු. තාක්ෂණික නිලධාරීන් දෙන්නෙක් දාල ඒ දෙන්නට ඔක්කෝම පවරල ඉන්නවලු. අර කාන්තා සහයිකාව office එකේ ඉඳන් කෝල් වලින් වැඩ කෝර්ඩිනේට් කර කරා ඉන්නවලු. හැබැයි  වාහනයක් නම් කොන්ත්‍රාත් සමාගමෙන් අරගෙනලූ.

 

ඒ මදිවට මේ  ඉංජිණේරු සහයිකාවට අව්වේ ඉන්න බැරි නිසා, අමතර ගෙවීමක් කොන්ත්‍රාත් සමාගමට ගෙවල අමුතුවෙන් මිනින්දෝරු සේවයත් අමතරව අරගෙන ලූ. එහෙම තියෙද්දීත් පිට්ටනියක් වටේ හැදෙන පාරක තියෙන පළල් කරන පාලමක බැම්මවත් හරියට ගැලපෙන්න දාගන්න බැරි වෙලාලූ.

 

ඒ වගේම කොන්ත්‍රාත් සමාගම මේ මැද රටම තියෙන එයාලගේ ලෝකේ ලොකු බැංකුවක ආධාර  ව්‍යාපෘතියකින් හොඳ නෑ කියලා අයින් කරන කොන්ක්‍රීට් මේ ව්‍යාපෘතියේ වැඩ වලට ගන්නවලු.

 

අනේ මෙහෙම අමනෝඥ්ඥ අනංගයෝ නිසා ආයතනකම නම පිරිහෙන හැටි. මෙයාලගේ ඇමතිතුමා රට හදන තැනදී මේ ආයතනයේ උඩ ඉඳන් පහලටම දූෂිතයි කියලත් කීවා. ඉතින් මෙහෙම අනංගයෝ කොන්ත්‍රාත් සමාගම් එක්ක තව මොන මොන වගේ ඩීල් දානවද කියලා  දෙයියෝ තමයි දන්නේ.

 

කොහොම හරි එන ආරංචී අනුව කොන්ත්‍රාත් සමාගමට අමතර වැඩ මවලා ඒවට ගෙවීම් කරන්න මේ අනංගයා සෑහෙන වෙහෙසක් දරනවත්ලූ.

 

රට මැද පළාතේ මාර්ග ලොක්කයි මේ අනංගයයි එකතුවෙලා ව්‍යාපෘතිය තමන්ට ඕනා විදිහට කරගෙන යන්න ආයතනයේ සභාපති රවට්ටගෙන ලියුම් ගේමක් ගහන්න ගිහින් ඒකත් නෝන්ඩි උනා කියලත් ආර‍ංචියි මැදරට ලොක්කෝ දෙන්නා තවමත් අර දූෂිත කාලේ විදිහටම වැඩ කරන් යන්නයි ලෑස්ති පේන විදිහට.

 

"හනේ අපොයි දූෂණ නවත්වන්න ආපු මාලිමා ආණ්ඩුවට වෙච්චි දෙයක්" ය කියලලු මේව බලන් ඉන්න වටේ පිටේ මිනිස්සු කසු කුසු ගානවය කියන්නෙ.

 

#pure gossip

නවතම ලිපි