කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අනුගමනය කරන්නේ
ආඳාගේ න්‍යාය බව යම් ප්‍රශ්නවලින් පැනයාමෙන් මනාව පේනවා.
දළඳා ප්‍රදර්ශනයට සමගාමීව යම් පිරිසක් වැසිකිළි සෑදීම සඳහා ආධාර එක්රැස්කිරීම පිළිබඳ ජනමාධ්‍යකරුවන් නිශ්චිතව අසන ප්‍රශ්නයට ඔහු ඍජු පිළිතුරක් දෙන්නේ නැහැ. ඊට "යන්නේ කොහෙද මල්ලේ පොල්" වැල්වටාරමක් දෙසා බානවා. අවසන ඉන් ගැළවීම සඳහා පොදු අදහසක් පමණක් කියනවා.
මෙලෙස පිළිතුර නොදී ලිස්සා යාමෙන් ඔහු අදහස් කරන්නේ මේවාද?
01. කෙනෙක් ජනාධිපතිවරයාගේ නම අවභාවිත කිරීම ගැටළුවක් නොවේ.
02. එසේ කරන්නෙකු මුදල් එක්රැස් කිරීම පිළිබඳ ආණ්ඩුවට එතරම් ගැටළුවක් නැත.
03. රටේ බොහෝ දෙනා යම් දෙයක් පිළිබඳ චෝදනා මුඛයෙන් කතා කළද ආණ්ඩුවක් ලෙස අප ඒවා පයිසයකට ගණන් ගන්නේ නැත.
04. මෙහි කියැවෙන පුද්ගලයාට ආරක්ෂාව ලබාදීම පිළිබඳ හෙළිකිරීමට ආණ්ඩුවට බැඳීමක් නැත.
මෙකී මුදල් එකකු කිරීම හරිද වැරදිද කියා සොයා බලන බවටවත් අමාත්‍යවරයා මෙහි ප්‍රකාශ කරන්නේ නැහැ. ජනාධිපතිවරයා සහ ආණ්ඩුවද අපහසුතාවට ලක්කෙරෙන මෙවැන්නක් පිළිබඳව අඩුම තරමින් මෙතෙක් කිසිම අවධානයක් යොමුකර නොමැති බවද පේන්න තිබෙනවා.
@ මහින්ද රුබසිංහ