‘මෙය යුක්තිය නොවේ. මේ නිසා අපේ ජාතියේ සංහිඳියාව අවදානමට ලක් කරනවා’ යැයි මෙරට යුද විරුවන්ට එරෙහිව
බ්‍රිතාන්‍ය සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නිකුත් කළ එක්ස් පණිවුඩයක සඳහන් වේ.
ඔහු සඳහන් කර ඇත්තේ බ්‍රිතාන්‍ය රජය පැනවූ නවතම සම්බාධක කොටි හිතවාදීන්ගේ අඛණ්ඩ බලපෑම්වල ප්‍රතිඵලයක් බවය.
එම පණිවුඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
‘ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජය කළ පළමු ජාතිය ශ්‍රී ලංකාවයි. නමුත් බටහිර රටවල් එල්ටීටීඊ ම්ලේච්ඡත්වයට අරමුදල් සැපයූ සහ සාධාරණීකරණය කළ අය නොසලකා හරිමින් අපගේ යුද ප්‍රවීණයන් ඉලක්ක කිරීම දිගටම කරගෙන යයි. බ්‍රිතාන්‍ය රජය පැනවූ නවතම සම්බාධක මානවහිමිකම් ගැන නොවේ. ඒවා එල්ටීටීඊයේ සහාය ලත් අඛණ්ඩ බලපෑම් කිරීමේ ප්‍රතිඵලයක් වේ.
මෙය යුක්තිය නොවේ; එයින් අපේ ජාතියේ සංහිඳියාව අවදානමට ලක් කරයි. අද අප භුක්ති විඳින නිදහස දැඩි තීරණවලින් ලැබුණු බව උතුරේ සහ දකුණේ ජනතාව තේරුම් ගත යුතුය. මෙම සම්බාධක අපගේ හමුදාවන්ගේ චිත්ත ධෛර්යය පහත හෙළනු ඇති අතර, තවත් අර්බුදයක් ඇති වුවහොත් අපි දැන් ඔවුන්ට සහාය නොදක්වන්නේ නම් සටන් කිරීමට ඔවුන්ට ධෛර්යයක් නොමැති විය හැකිය.
යුද්ධය ත්‍රස්තවාදයට එරෙහිව මිස කිසිදු ජනවාර්ගික කණ්ඩායමකට එරෙහිව නොවේ. ඇතැම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හරහා ප්‍රජාවන් අතර බෙදීම් ඇති කිරීම සඳහා වරප්‍රසාද ලබාගන්නා ඇතැම් දෙමළ දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රයට හසු නොවන ලෙස මම දෙමළ ප්‍රජාවෙන් ඉල්ලා සිටිමි’.
ඉදිරියේදී ලංකාවටම එරෙහිව සම්භාධක පැමිණිය හැකියි
මේ අතර නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා සඳහන් කරන්නේ මෙරට පුද්ගලයන් කිහිප දෙනෙකුට සම්බාධක පැනවීම හරහා ඉදිරියේදී රටට එරෙහිව වුවද සම්බන්ධක පැනවීමට හැකි බවය.
මෙම තත්ත්වය උදාකර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව විසින්ම බවද පවසන ඔහු කොමිෂන් සභා බොහෝ ප්‍රමාණයක් පත්කර ඇතත් ඒවායේ කිසිම නිර්දේශයක් කිසිම රජයක් ක්‍රියාත්මක නොකිරීම ඊට හේතුව බවද කියා සිටියි.
හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු හමුදාපති ජගත් ජයසූරිය ඇතුළු පිරිසකට බ්‍රිතාන්‍ය විසින් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව පවසයි.
මෙරට පැවති යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කලේ යයි පුද්ගලයින් කිහිප දෙනෙකුට එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා ඇති අතර ඔවුන්ගේ එක්සත් රාජධානියේ සංචාරය තහනම් කිරීම, එරට වත්කම් එක් රැස් කිරීම එමගින් තහනම් වන අතර එරට ඔවුන් නමින් ඇති වත්කම් ඇත්නම් ඒ අනුව ඒවාද තහනමට ලක් වේ.
ශ්‍රී ලංකාවේ යුධ අපරාධ පිළිබඳ චැනල් 4 වාර්තාකරණය
https://www.channel4.com/news/sri-lanka-war-crimes-video-womans-body-identified