SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යුරෝපයට පලා යාමේ අරමුණින් නීතිවිරෝධී ලෙස මෙරටට ඇතුළු වූ බංග්ලාදේශ ජාතිකයින්

10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 20 ත් 30 ත් අතර බංග්ලාදේශ ජාතික පිරිමින්ය.

 

ඔවුන් බංග්ලාදේශයේ සිට ඉන්දියාවට ගොස් එතැන් සිට පෙබරවාරි මාසයේ කටුනායක ගුවන් තොටුපළට පැමිණ ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා සංචාරක වීසා (පැමිණීමේ වීසා) ලබාගෙන ඇත.

 

ආගමන නිලධාරීන්ට පෙනී ගියේ මෙම බංග්ලාදේශ ජාතිකයින්ට ඔවුන්ගේ වීසා කාලය ඉක්මවා ගොස් ඇති බවයි.

 

අත්අඩංගුවට ගත් පුද්ගලයින් ශ්‍රී ලංකා ආගමන හා විගමන පනත යටතේ ඔවුන්ට පැවරී ඇති බලතලවලට අනුකූලව, පිටුවහල් කරන තෙක් වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ගැනීමට නිලධාරීන් පියවර ගෙන තිබේ.

නවතම ලිපි