SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සේවක අර්ථ සාධක අරමුදලට මෙරට රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සමාගම් ඇතුළුව

පෞද්ගලික සමාගම් 22450 ක් අරමුදල් ගෙවා නැති බව නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ පවසයි.

 

 

නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසු⁣වේ අද (24) දින ලංකා පරිපාලන විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන එච්.එම්.ඩී.එන්.කේ.වටලියැද්ද කම්කරු කොමසාරිස් ධුරයේ වැඩ බාර ගන්නා අවස්ථාවේදීය.

 

එහිදී නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ වැඩිදුරටත් අනාවරණය කෙරුවේ එම සමාගම් නොගෙවා ඇති මුදලේ වටිනාකම බිලියන 36 ක් බවට ගණන් බලා ඇති බවය.

 

සේවක අර්ථ සාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් සිලෝන් නිවුස් පේපර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගමට එරෙහිවද එහි සේවය කර ඉවත් වූ සේවකයන් විසින් පවරා ඇති නඩු සංඛ්‍යාව විස්සකට ආසන්නය.එම සමාගමේ හිමිකරු හිටපු අමාත්‍ය ටිරාන් අලස් වේ. හිටපු අමාත්‍ය ටිරාන් අලස්ට එම නඩු වලට නොපැමිණීම සම්බන්ධයෙන් අධිකරණය මගින් ප්‍රකාශයට පත් කරන ලද විවෘත වරෙන්තු සංඛ්‍යාව 15 කට ආසන්න බවද දැන ගැන්මට තිබේ.

 

 

එහෙත් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ විසින් ප්‍රකාශ කරන ලද අර්ථ සාධක අරමුදල් ⁣නොගෙවූ සමාගම් 22450 පිළිබඳව සඳහන් කර ඇති ලේඛනයේ ටිරාන් අලස් ගේ හිමිකාරිත්වය පවතින සමාගමේ නම සඳහන්ව නැති වීම විශේෂත්වයකි.එය අත් වැරදීමක්ද සිතාමතාම සිදු කරන ලද වැරැද්දක්ද යන්න අපි නොදනිමු.

 

එහෙත් බොහෝ දෙනා කතා බහ කරන ආකාරයට නම් ටිරාන් “අයියාට” ජාතික ජන බලවේගය තුළ පවතින ජාන ගත බිය හා පක්ෂපාතිත්වය ගැන මේ තවත් සාක්ෂියක් පමණක් බවට සිතා ගත්තාටද වරදක් නැත.

 

ලොකු විසිනි.

@උපුටාගැනීම - srilankabrief

නවතම ලිපි