කම්කරු කොමසාරිස් ජනරාල් තනතුරට එච්.එම්.ඩී.එන්.කේ. වටලියද්ද පත්කිරීමට
පසුගියදා කැබිනට් අනුමැතිය ලැබී තිබූ අතර අද (24) ඇය එම ධූරයේ වැඩ බාරගනු ලැබුවාය.
ඒ, කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස් ජනරාල් වශයෙන් දැනට සේවය කරනු ලබන එච්.කේ.කේ.ඒ. ජයසුන්දර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත අනුයුක්ත කිරීමෙන් ඇතිවූ පුරප්පාඩුව අනුවය.
කම්කරු දෙපාර්තමේන්තුවේ වසර 23ක පමණ සේවා කාලයක් සපුරා ඇති එච්.කේ.කේ.ඒ. ජයසුන්දර වෙනත් තනතුරක සේවය කිරීමට හැකි වන පරිදි කම්කරු කොමසාරිස් ජනරාල් තනතුරින් මුදාහරින ලෙස ඉල්ලීමක් කර තිබූ අතර ඔහු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත අනුයුක්ත කෙරෙන්නේ ඒ අනුවය.
එච්.එම්.ඩී.එන්.කේ. වටලියද්ද රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අනුයුක්තව සිටි නිළධාරිනියක් වන අතර ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි.