SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ධවල මන්දි­ර­යේදී ඇති වූ වාග් සංග්‍රා­ම­යෙන් පසු පළ­මු­ව­රට අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා සහ

යුක්රේන ජනා­ධි­ප­ති­ව­රයා අතර දුර­ක­තන සංවා­ද­යක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

 

ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර දුර­ක­තන සංවා­දය පැයක පමණ කාල­යක් පැවැති බවත්, අර්ධ සටන් විරා­ම­යක් සඳහා යුක්රේන ජන­ප­ති­ව­රයා එක­ඟ­තාව පළ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. රාජ්‍ය නාය­ක­යන් දෙදෙ­නාගේ දුර­ක­තන සංවා­දය මැද රුසි­යාව සහ යුක්රේ­නය අතර ඩ්‍රෝන සහ මිස­යිල ප්‍රහාර හුව­මා­රුව අඛ­ණ්ඩව සිදුව ඇත.

 

 

ඊට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති දුර­ක­තන සාක­ච්ඡා­වේදී යුක්රේ­නයේ බලා­ගාර සහ සිවිල් යටි­තල පහ­සු­ක­ම්ව­ලට ප්‍රහාර එල්ල නොකි­රී­මට රුසි­යානු ජනා­ධි­ප­ති­ව­රයා එක­ඟ­තාව පළ කළද, වැඩි ආර­ක්ෂාව සඳහා එම බලා­ගා­ර­වල හිමි­කා­රී­ත්වය අමෙ­රි­කා­වට පව­රන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන ජනා­ධි­ප­ති­ව­ර­යාට යෝජනා කර ඇතැයි ද වාර්තා වේ.

 

 

යුක්රේ­න­යට මිස­යි­ල­ නා­ශක පද්ධති වැඩි ප්‍රමා­ණ­යක් සප­යන ලෙසත්,  රුසි­යානු හමු­දාව පැහැ­ර­ගත් බව කියන යුක්රේන දරු­වන් සොයා ගැනී­මට සහාය වන ලෙසත් එම සාක­ච්ඡා­වෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපා රට­ව­ලින් ඉල්ලී­මක් කර ඇතැයි ද වාර්තා වේ.

 

 

නවතම ලිපි