තාවකාලික වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල්
03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අද (20) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
වරෙන්තු නිකුත්වී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (19) මාතර අධිකරණයට පැමිණ භාරවීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි.
2023 දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ W15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිදුවීමට අදාළව මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව ඔහුට එල්ලවී ඇත.