SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රජයේ විගණන කටයුත්තක් සඳහා ජනාධිපති උපදේශක දුමින්ද හුළංගමුවගේ සමාගමකට

ටෙන්ඩරයක් ලබා දී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීන් මුජිබර් රහුමාන් පවසයි.

 

 

අදාළ ටෙන්ඩරය මුලින් හිමි වූ සමාගමේ ලිපි ගොනුව අස්ථානගත වූ බව පවසමින් යලි ටෙන්ඩර් කැඳවා හුළංගමුවට අයත් සමාගමට අදාළ ටෙන්ඩරය  ලබා දී ඇතැයි පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින්  ඔහු චෝදනා කළේය.

 

චෝදනාවට ප්‍රතිචාර දක්වමින් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුවගේ සමාගමකට පද්ධති විගණන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමේදී ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීමක් සිදුවී නොමැති බවයි.

 

සුදුසුකම් ලත් ඕනෑම සමාගමකට හිමිකාරිත්වය නොසලකා කොන්ත්‍රාත්තු ප්‍රදානය කරන බවත් ඔහු පැවසීය.

 

 

‘ජනාධිපතිවරයාගේ උපදේශකවරයා සතු බව කියන සමාගමකට කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කර ඇති බවට විපක්ෂය චෝදනා කළා. කෙසේ වෙතත් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමේදී කිසිදු ක්‍රියා පටිපාටි උල්ලංඝනයක් සිදුවී නැහැ. ඕනෑම කෙනෙකුට අයත් සමාගමකට සුදුසුකම් තිබේ නම් කොන්ත්‍රාත්තුවක් ලබා ගත හැකියි. වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සතු සමාගම් ගණනාවකට රජයේ කොන්ත්‍රාත්තු ගණනාවක් ප්‍රදානය කර තිබෙනවා. මම ඔවුන්ගේ නම් හෙළි කරන්න කැමති නැහැ’

 

 

වත්මන් ජනාධිපතිවරයා ගේ උප‌දේශක තනතුරු වලට පත්ව ඇති ඒ ඒ ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණික දැනුම සහිත විශේෂඥයින් කිහිප දෙනා රජයේ කිසිදු  වැටුප් හෝ දීමනාවකින් තොරව සේවය කරන බව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සෑම අවස්ථාවකදීම අවදාරණය කරනු ලැබිනි.

නවතම ලිපි