SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ රේන්ජ් රෝවර් රථය නිරූපිකාවක් සහ රංගන

ශිල්පිනියක් වන පියුමි හංසමාලි භාවිත කිරීම ආන්දෝලනයට ලක්ව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර දැන් වසරකටත් ආසන්නය.

 

 

ඒ අනුව  විමර්ශන අංශය විසින් පියුමි හංසමාලි කෝටි ගණන් මුදල් ඉපැයීමේ රහස කුමක්ද යන්න සොයා බැලීම ආරම්භ කර තිබුණි.

 

 

එහිදී වත්කම් ඉපැයීමේ ඇයගේ රහස පසුගියදා එකී විමර්ශන හරහා හෙළිකර ගෙන ඇත.

 

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි විසින් ඉතා අඩු මුදලකට මිලදී ගන්නා ලද සම පැහැපත් කරන ආලේපන වර්ග ඉතා ඉහළ ලාභයක් තබාගෙන අලෙවි කර ඇති බවට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී ලබාගත් පිළිතුර වී තිබේ.

 

 

ඇය විසින් අදාළ ක්‍රීම් වර්ග අලෙවි කරන ආයතන දෙකකින් රුපියල්, 2000, 3000, 5000, හා 6000ක මුදලකට මිලදී ගන්නා ආලේපන නැවත ඇසුරුම් කර අලෙවි කර ඇති බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.

 

 

අදාළ අයාතන දෙකෙහි සේවකයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණය වී ඇත.

 

මෙලෙස අඩුමිලට ලබාගන්නා ආලේපන වර්ග ඇය විසින් ඇසුරුම් කර රුපියල් විසි අට දහසේ සිට තිස් තුන්දහසක් දක්වා මිල ගණන් යටතේ අලෙවි කර ඇති බවත් ඇය විසින් ව්‍යාපාර නාම හතරකින් ලියාපදිංචි කර මෙම ව්‍යාපාරය සිදුකර ඇති බවත් හෙළිව ඇත.

 

 

ඇය විසින් වට්ස්ඇප් හා ඉන්ටර්ග්‍රෑම් ගිණුම් හරහා එම ක්‍රීම්වර්ග ප්‍රවර්ධනය කර අලෙවි කර ඇති අතර එමගින් දිනකට රුපියල් ලක්ෂ 10ත් 15ත් අතර මුදලක් උපයාගෙන ඇති බවද මේ ව්‍යාපාරයෙන් ලද ආදායම්වලින් ඇය රුපියල් ලක්ෂ 700කට අධික වටිනාකමක් ඇති සුඛෝපභෝගී ජීප් රථයක් හා රුපියල් ලක්ෂ 280කට අධික වටිනා මෝටර් රථයක් ද මිලදී ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

 

 

එමෙන්ම කොළඹ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 1400කට අධික වටිනා නිවසක් ද ඇය විසින් අදාළ මුදල් යොදවා මිලදීගෙන තිබිණි.

 

කෙසේ වෙතත් ඇය විසින් සත්‍යවශයෙන්ම මෙම ක්‍රීම් වර්ග අලෙවියෙන්ම මුදල් උපයාගෙන ඇති ද යන්න පිළිබඳ තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වේ.

 

 

නවතම ලිපි