SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමත් සමග ලෝක දේශපාලනයේ දිශානතිය උඩු යටිකුරු වෙමින් තිබේ.

මෙතෙක් අමෙරිකාවේ සහයෙන් ඇවිලුනු රටවල් අතර සටන් ඩෙනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ස්වකීය මතය අනුව වෙනස් කරමින් සිටියි. මෙහි විශේෂත්වයක් වන්නේ යුක්ක්‍රේන රුසියා යුද්ධයයි.

 

 

ඒ අනුව යුක්රේනය සමග සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන මහත්වරුන් අතර හමුවක් මේ සතියේ සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

යුක්රේන ජනාධිපති වොලැද්මීර් සෙලෙස්කින් විසින් සදහන් කළ දින 30ක සටන් විරාමය තමා පිළිනොගන්නා බව රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ තිබුණි.

 

යුක්රේනයේ විශාල භූමි ප්‍රමාණයක් රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන ඇති නිසා දැන් යුක්රේන හමුදාවට ඇත්තේ යටත් වීම හෝ මියයාම බවද රුසියානු ජනාධිපතිවරයා පසුගිය දා ප්‍රකාශ කළේය.

නවතම ලිපි