වැලිගම හෝටල් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කිරීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.
දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නීතියට අනුකූලව ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට නියෝග කරමින් අධිකරණය තවදුරටත් නියෝගයක් නිකුත් කළේය.
දේශබන්දු තෙන්නකෝන් විසින් ගොනු කරන ලද රිට් පෙත්සමකට අනුව, විනිසුරු (වැඩබලන සභාපති) මොහොමඩ් ලෆාර් ගේ ප්‍රධානත්වයෙන් යුත් ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නේය.
මේ අතර, අභියාචනාධිකරණය ගාස්තු සහිතව රිට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය.
දේශබන්දු තෙන්නකෝන් තම රිට් පෙත්සමෙන් ඉල්ලා සිටියේ මාතර මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.
මේ පිළිබඳව ඊයේ (16) පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනය සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයට තුඩු දුන් මාතෘකාවක් බවට පත්කර තිබුනි.
එමගින් මුළුමනින්ම කරුණු විකෘති කෙරෙන පුවත් බොහෝ මාධ්‍ය තුළින් පළවීම නිසා මහජනයා නොමග යැවීමක් සිදුවූ බවට චෝදනා එල්ලවිය.
කෙසේ වුවද ශ්‍රී ලංකා පොලිසියට දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා සිටින්නේ කොතැනකද යන්න සොයා ගැනීමට නොහැකිව දැන් මේ ගෙවී යන්නේ දෙවන සතියයි.