SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ට්‍රම්ප් පරි­පා­ල­නය විවේ­ච­නය කිරීම හේතු­වෙන් අමෙ­රි­කාවේ දකුණු අප්‍රි­කානු තානා­පති

ඉබ්‍ර­හිම් රසූල් රටින් නෙරපා දමා ඇතැයි වාර්තා වේ.

 

 

මෙහිදී ඔහුට අමෙ­රි­කා­වෙන් පිට­වී­මට පැය 72ක කාල­යක් ලබාදී ඇතැයි ද වාර්තා වේ.

 

 

දකුණු අප්‍රි­කානු තානා­ප­ති­ව­රයා තව­දු­ර­ටත් අමෙ­රි­කා­වට අවශ්‍ය නැති බව එක්ස් සමාජ මාධ්‍ය­ජා­ලයේ සට­හ­නක් තබ­මින් අමෙ­රි­කානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සඳ­හන් කර ඇත.

 

 

විදෙස් මාධ්‍ය පවසන්නේ දකුණු අප්‍රි­කානු තානා­ප­ති­ව­රයා අමෙ­රි­කා­වට සහ ජනා­ධි­ප­ති­ව­ර­යාට වෛර කරන දේශ­පා­ල­න­ඥ­යකු බව ප්‍රකාශ කර ඇති බවය.

 

දකුණු අප්‍රි­කානු තානා­ප­ති­ව­රයා අමෙ­රි­කා­වෙන් නෙරපා හැරීම නිල වශ­යෙන් සිදුවී ඇති බව දකුණු අප්‍රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ මාධ්‍ය ප්‍රකා­ශක ද තහ­වුරු කර තිබේ.

 

 

නවතම ලිපි