සිරියාවේ මේ වනවිට පවතින්නේ සිවිල් යුද්ධයකි. ඒ සිරියානු රජයේ හමුදාව
සහ හිටපු නායක බෂාර් අල් අසාද්ගේ හිතවාදී සන්නද්ධ කණ්ඩායම් අතරය.
බෂාර් අල් අසාද්ගේ පාලනය බිඳ වැටීමෙන් පසු සිරියාවේ ආරම්භ වූ පළමු සිවිල් ගැටුම මෙය වන අතර, සිවිල් වැසියන් මිය යෑම හේතුවක් කොටගෙන එක්සත් ජාතීන්ගේ දැඩි අවධානය යොමු වී ඇතැයි ද වාර්තා වේ.
ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, බලයෙන් පහ කරන ලද හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද්ට පක්ෂපාතී සන්නද්ධ කණ්ඩායම් ලටාකියා පළාතේ ආරක්ෂක හමුදා වෙත සැඟවී සිට පහරදීමෙන් අවම වශයෙන් ආරක්ෂක හමුදා සාමාජිකයන් 16 දෙනකු මිය යාමත් සමඟ ප්‍රචණ්ඩත්වයේ රැල්ල හටගෙන ඇත.
සිරියාවේ ප්‍රධාන නගර වන දමස්කස් සහ ඇලෙප්පෝ දක්වා ගැටුම් පැතිරී ගිය අතර, දින තුනක් ඇතුළත එරට පුද්ගලයන් 1,300 ක් ජීවිතක්ෂයට පත් වී ඇති බවත්, මියගිය අයගෙන් 973 දෙනකුම සිවිල් වැසියන් වන බවත් වාර්තා වේ.
රට තුළ උද්ගත වූ සිවිල් ගැටුම් නැවැත්වීම සඳහා පියවර ගන්නා බව සඳහන් කර ඇති සිරියානු අන්තර්වාර රජයේ ප්‍රධානියා වන අහමඩ් අල් ෂාරා වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ප්‍රකාශ කර තිබේ.