SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ආසියානු සංවර්ධන බැංකුවේ

ශ්‍රී ලංකාව නියෝජනය කරන විකල්ප අධිපති ධුරයට පත්ව යාමට නියමිතව තිබේ.

 

 

මෙම තනතුර ශ්‍රී ලංකාවට හිමිවන්නේ වසර 12 කට පසුව බවත්, නව තනතුර සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ගේ නම රජය විසින් ආසියානු සංවර්ධන බැංකුවට මේ වන විටත් යොමුකර ඇති බවත් ආරංචිමාර්ග පවසයි.

 

 

ආසියානු සංවර්ධන බැංකුවේ මෙම තනතුර සඳහා මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් අජිත් අබේසේකර ද ඉල්ලුම් කර තිබිණු නමුත් වත්මන්  එහෙත් රජය තෝරාගෙන ඇත්තේ  අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධනව ය.

 

 

ඔහු මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව භාර විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස ද සේවය කර ඇත.

 


ඒ අනුව මුදල් ලේකම්වරයා නව තනතුර සඳහා පත්ව යාමෙන් පසු මුදල් අමාත්‍යංශ ලේකම් පදවියට ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව පත්කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.

 

 

වත්මන් ආණ්ඩුව පිළිබඳව පැමිණෙන එක් චෝදනාවක්ව පැවතියේ මාලිමාවේ ආර්ථික කවුන්සිලය යොදා ගනිමින් රජය කටයුතු නොකරන බවත් පෙර රජයන් හි කටයුතු කළ නිළධාරීන් විසින්ම මෙවර අයවැය පවා සකස් කර ඇති බවත්ය.