ප්‍රධාන දේශපාලන පක්ෂ ගණනාවක් කොළඹ මහනගර සභා නගරාධිපති අපේක්ෂකයන්
තෝරාගෙන ඇතැයි වාර්තා වේ.
ඒ අනුව කොළඹ මහ නගර සභාවට ප්‍රබල තරගයක් හටගන ඇතිබව දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි.
පොදුජන එක්සත් පෙරමුණ (පුටුව) සන්ධානයේ නගරාධිපති අපේක්ෂිකාව ලෙස දීපා එදිරිසිංහ ද,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුවෙන්) නගරාධිපති අපේක්ෂකයා ලෙස අරුන්දික ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා ද,
සමගි ජන බලවේගයෙන් හිටපු අමාත්‍ය එරාන් වික්‍රමරත්න ද,
ජාතික ජන බලවේගයෙන් (මාලිමාව) ව්‍රායි කැලී බල්තසාර් ද,
එජාපයෙන් හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක ද,
සර්වජන බලය පක්ෂයෙන් එහි මාධ්‍ය ලේකම් හසන් අලාල්දීන් ද
නගරාධිපති අපේක්ෂකයන් ලෙස දැනට නම් කර තිබේ.