SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්තය අතර තරග 3කින් යුත්

විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (14) පැවති තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව ක්‍රීඩිකාවන් සමත් විය.

 

 

රාත්‍රී තරගයක් ලෙස ක්‍රයිස්චර්ච්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩිකාවන්ට පන්දුවාර 18.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 101ක් පමණි.

 

එහිදී Emma McLeod ලකුණු 44ක් රැස්කිරීම නවසීලන්ත ඉනිමේ පිතිකාරිණියක් රැස්කළ ඉහළම ඉනිම විය.

 

 

තම පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩාකළ මල්කි මදාරා විශිෂ්ට පන්දු යැවීමක නිතරවෙමින් ලකුණු 14කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වීම විශේෂත්වයකි.

 

 

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව පන්දුවාර 14.1කදී කඩුලු 3ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.

 

chamari 25.03.14

 

කණ්ඩායමට ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාදුන් නායිකා චමරි අතපත්තු ලකුණු 64ක් රැස්කිරීමට සමත් වූවාය.

 ශ්‍රී ලංකාව ජයග්‍රාහි කඩඉම පසුකරන විටත් කඩුල්ලේ රැඳී සිටි චමරි සිය ඉනිම පන්දු 48කින් ගොඩනැගුවාය.

 එම ඉනිමෙහි හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් ඇතුළත් විය.

 

 

මෙය ශ්‍රී ලංකාව නවසීලන්තයේදී ලැබූ පළමු විස්සයි20 ජය ලෙස වාර්තා අතරට එක්විය.

 

මීට පෙර දෙරට අතර නවසීලන්තයේදී තරග 3ක් පවත්වා තිබූ අතර, ඒ සියල්ල ශ්‍රී ලංකාව පරාජය වී තිබුණි.

 

 

නවතම ලිපි