1988/89 කාලයේ තරුණයින්ට සිදු වූ බව කියන වධහිංසා සම්බන්ධයෙන් විමර්ශනය කළ
බටලන්ද කොමිසමේ වාර්තාව, සභානායක බිමල් රත්නායක විසින් අද(14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
වාර්තාව නීතිපතිවරයාට භාර දෙන බවත්, වාර්තාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කමිටුවක් පත් කරන බවත් ඔහු පැවසීය.
තවද, බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පවත්වන බව සභානායක බිමල් රත්නායක පවසයි.
වාර්තාව සභාගත කළ අවස්ථාවේ බිමල් රත්නායක ඇමතිවරයා විසින් සිදුකරන ලද අදහස් දැක්වීමත් සමග ආණ්ඩු පක්ෂයේ සමහර මන්ත්‍රීවරු හැඟීම්බර වී තිබිණ.
බටලන්ද කොමිසම ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්!
මේ අතර සභානායක බිමල් රත්නායක විසින් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වේ.
කොමිසම් වාර්තාවට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව ඉරිදා (16) රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් හෙළි කිරීමට නියමිත බව ඔහුගේ කාර්යාලය විසින් දැනුම් දී තිබේ.