SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දේශපාලනඥයන්ට පාසල් උත්සවවලට සහභාගී වීම තහනම් කරමින් නියෝගයක් පනවා නැතැයි

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.

 

 

පාසල් පද්ධතිය දේශපාලනයට යොදාගැනීමෙන් වැළකී සිටීමට සියලු ම මන්ත්‍රිවරුන්ට වගකීමක් තිබෙන බව ද අගමැතිවරිය සඳහන් කළා ය.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි ඩී.වී. චානක පාර්ලිමේන්තුවේදී පසුගියදා (මාර්තු 12) යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා ය.

 

pukaru

 

පාසල්වල උත්සවවලට දේශපාලනඥයන් ගෙන්වීම තහනම් කර ඇතැයි මාධ්‍ය වාර්තා පළ වූ පසුබිමෙක හිටපු කතානායක අශෝක රංවල හේනගම මධ්‍ය මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයකට සහභාගී වී ඇතැයි මන්ත්‍රිවරයා සඳහන් කළේ ය.

 

රජය පෙර පැනවූ නීතිය ක්‍රියාත්මක වන්නේ ද එසේ නැතහොත් මෙය විපක්ෂයට පමණක් පැනවූ නීතියක්දැයි ඩී.වී. චානක මෙහිදී විමසීය.

 

 

ඊට පිළිතුරු දුන් අගමැතිවරිය ‘නීතියක් කොහේවත් මම පනවලා නැහැ. මම කිව්වේ පාසල් පද්ධතිය දේශපාලනයට පාවිච්චි කරන එකෙන් වැළකී ඉන්න අපි සියලු දෙනා ම මැදිහත් විය යුතුයි. අපි සියලු දෙනාට වගකීමක් තිබෙන බවයි මම කිව්වේ. එහෙම නැතිව කාටවත් ඉස්කෝලේ යන්න තහනමක් ඇති කළේ නෑ. එහෙම නීතියක් අලුතෙන් ඇති කළෙත් නෑ. ඒ මාධ්‍ය වාර්තාව වැරදියි’ යැයි පැවසුවාය.

 

 

මේ අතර, මහජන නියෝජිතයන් පාසල් උත්සවවලට ගෙන්වා ගැනීම නතර කරන ලෙසට 2024. 09. 26 පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු අංශවල නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය මාධ්‍ය නිවේදන 4 යටතේ සඳහන් කර තිබිණි.

 

 

Divaina

නවතම ලිපි