අල්ජසීරා නාලිකාවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහත් සම්බන්ධ කතිකාව
සමාජ මාධ්‍ය මෙන්ම ජාතික මාධ්‍යන් පවා අතික්‍රමණය කරමින් පසුගිය සතියේ සිට රඟ දක්වන නාටකයකි.
දේශබන්දු නාටකය නිසා මෙන්ම බටලන්ද යළි කරලියට ගෙන ආ මෙම නාටකය නිසාවෙනුත් මේ වනවිට බෙහෙවින්ම අසරණභාවයට සහ ගැටළුවකට මුහුණ පා ඇත්තේ අනුර කුමාර ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමා රජයයි.
ඉතිහාසය පුරාම දේශපාලනයේදී මෙවැනි අසරණකම් පැන නගින්නේම ඩීල් දේශපාලනයේ පිහිට පැතීම නිසාය.
කෙසේ වුවද මාලිමා ආණ්ඩුව, ජනපතිවරයා සමග ඉතා හොඳ සම්බන්ධතාවක් පවත්වා ගනිමින් උපදෙස් අනුශාසකා දෙන්නෙක් ලෙසත් සතියකට වරක් දෙවරක් මෙම ජනාධිපතිවරුන් සාකච්ඡා කරන බවත් සමාජ මාධ්‍ය තුළ මෙන්ම මේ දෙපාර්ශවයේම හිතවතුන් අතරත් ප්‍රචලිත රහසකි.
කෙසේ වුවත් අල්ජසීරා නාලිකාවේ පැවති රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ සම්මුඛ සාකච්ඡාව මුදල් ගෙවා ලබාගත් වැඩසටහනක් බවත් එකී වැඩසටහන මගින් ඉස්මතු කරන්නට උත්සාහ ගත්තේ දෙමළ ඩයස්පෝරා සාමාජිකයින් සම්බන්ධ කරගනිමින් ඔවුන්ගේ ප්‍රශ්නකිරීම්වලදී රට වෙනුවෙන් කතාකළ නායකයෙක් ලෙස ඉස්මතු කරගැනීමට බවත් යූටියුබ් නාලිකාවක් හෙළිදරව් කරමින් ඇත.
රනිල් වික්‍රමසිංහ ලංකාවේ ජාතිකවාදී නායකයා ලෙස ඉහලට ඔසවාතැබීමට කළ මෙම වැඩසටහන අල කරන ලද්දේ රනිල් වික්‍රමසිංහගේ පැරණි පෞද්ගලික ආරක්ෂකයෙක්, පෞද්ගලික ලේකම්වරයෙක් වූ සුදත් චන්ද්‍රසේකර විසින් බවද මෙම නාලිකාව මගින් පවසයි.
එහිදී බටලන්ද වධකාගාරය ගැන මෙන්ම රනිල්ගේ හිටපු පෙම්වතෙකු යැයි සඳහන් වින්සන්ට් පෙරේරා ගේ ඝාතන සිදුවීම පිළිබඳවත් විවාදාත්මක කතාබහක් අල්ජසීරා සම්මුඛ සාකච්ඡාවේදී ඇදී ආ අතර බටලන්ද සිදුවීමට අදාළව නම් කෙරී සිටින ප්‍රභල පුද්ගලයෙක් වූ සුදත් චන්ද්‍රසේකර අල්ජසීරා-රනිල් සාකච්ඡාව සඳහා මෙවැනි කඩාකප්පල් කිරීමක් සිදු කළේද? ඒ ඇයි?
සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න..