පොලිස්පති ධූරයේ රාජකාරී කිරීම සම්බන්ධයෙන් අධිකරණ වාරණ නියෝගයකට ලක්ව සිටින
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නීතියට භාර නොවන්නේ නම් ගත හැකි තවත් ක්‍රියා මාර්ග ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල පවසයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා ඇතත් ඔහු තවදුරටත් සැඟවී සිටින බවද ඔහු පවසයි.
ඒ අනුව අධිකරණ වරෙන්තුවක් මත සැඟවී සිටින පුද්ගලයකු සම්බන්ධයෙන් ඔහුගේ දේපොළ තහනමකට යාම සඳහා නීතියේ ප්‍රතිපාදන ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.
තමන්ගේ චංචල හා නිශ්චල දේපල ප්‍රමාණය රැක ගැනීමට අවශ්‍ය නම් සැඟවී සිටින ස්ථානයකින් පැමිණ බාර වන ලෙසද කොළඹ පැවැති උත්සව අවස්ථාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
මේ අතර පසුගියදා හිටපු ඇමතිවරයෙකු වූ, ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහජන රැස්වීමකදී වත්මන් රජය දේශබන්දු තෙනන්කෝන් ව අත්අඩංගුවට නොගන්නේ ඇයිද යන්න පිළිබඳ හෙළිදරව් කර ඇත.
“දේශබන්දු මහත්තයාව අල්ලන්නේ නැහැ. ඔහු පිටිපස්සේ ටිරාන් අලස් ඉන්නවා. අනුර දිසානායක ජනාධිපති උනත් ටිරාන් අලස්ට අත තියන්නෙ නැහැ”.