ලබන 15 වැනිදා සිදු කෙරෙන්නේ සත්ව සංගණනයක් නොව දත්ත ලබා ගැනීමේ
සරළ සමීක්ෂණයක් පමණක් බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි කියනවා ය.
නියෝජ්‍ය ඇමතිවරයා එහෙම කිව්වත් ජාතික ගොවිජන එකමුතුව පවසන්නේ මේ වන විටත් අදාල සත්ව සංගණනය වෙනුවෙන් කෝටි ගණනක මුදලක් රජය වියදම් කර තිබෙනවා කියාය.
වගා හානි කරන රිලවුන්, වඳුරන්, දඬු ලේනුන් සහ මොණරුන් ගැන ජාතික සංගණනයක් සිදු කරන්නට යන බව නාමල් කරුණාරත්න ඇමතිවරයා කිව්වෙ දැනට සති කිහිපයකට ඉහතදීය. ඒ අනුව මෙකී සංගණනයට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර, ඒ අනුව මේ මස 15 වැනි සෙනසුරාදා පෙරවරු 8 සිට 8.05 දක්වා මිනිත්තු 5ක කාලයක් මෙම සංගණනය සිදු කිරීමට නියමිතය.
සත්ත්ව සංගණනය කර ඒ පිළිබඳ තොරතුරු රජයට ලබා ගැනීම මෙහි අරමුණය.
කොහොම උනත් ලබන 15 වැනිදා ලංකාව පුරාම සිදු කිරීමට නියමිත මෙම ජාතික සත්ත්ව සංගණනය සඳහා නිවාසවලට බෙදා හැරීමට නියමිත දත්ත ඇතුළත් කළ යුතු පත්‍රිකා ලක්ෂ 70ක් මුද්‍රණය කර අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා ය.
මේ වන විට එම පත්‍රිකා ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා බෙදා හැර ඇති අතර, සෙසු දිස්ත්‍රික්ක සඳහාද ඉදිරි දින කිහිපයේ ඒවා බෙදා හැරීමට නියමිත බවත් ඔවුන් කියනවා ය.
මෙම සත්ත්ව සංගණනය ගැන දැඩි කතා බහක් නිර්මාණය වී ඇත. ඒ අතර ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් කියන්නේ සංගණනය වෙනුවෙන් පත්‍රිකා මුද්‍රණය සඳහා රුපියල් හත් කෝටි තිස් ලක්ෂයක මුදලක් මේ වන විට වැය කර ඇති බවය.
සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය චෝදනා කරන්නේ මෙම සංගණනය සඳහා තම සේවය අවශ්‍ය බවට රජය ප්‍රකාශ කර ඇතත් තමන් ඒ පිළිබඳව දැනුවත් වූයේ මාධ්‍යයෙන් පමණක්ය කියාය.
අදාළ සංගණනය ගැන ක්‍රමවේදයක් හෝ දැනුවත් කිරීමක් මෙතෙක් තමන් වෙත කර නොමැති බව ඔවුන් කියනවා ය.
මෙයත් තවත් ඊනියා සංගණනයක් පමණක් වී කෝටි ගණනක ජනතා මුදල් අපතේ යන තවත් නාඩගමක් පමණක් බවට චෝදනාද මේ වනවිට නැගෙනවා ය.
ඒ මොක උනත් විනාඩි පහේ සංගණනය ගැන දැනගත් රිළව් වඳුරො දඩුලේන්නු මොණරු මේ නාටකය දෙස බලා හිනා නොවුනොත් නම් පුදුමයක් ය.
#gossip