SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ

මහාචාර්ය විජය සූරියවැව (ආර් එම් විජේරත්න) වයස 52දී තම දිවි සැරිය නිම කර ඇත.

 

 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට පැමිණි ඔහු තම මූලික උපාධිය ලෙස සමාජ විද්‍යා විශේෂවේදී උපාධිය ලබාගත්තේය. එම විශ්ව විද්‍යාලයේම ශාස්ත්‍රපති උපාධියටද උරුමකම් කියූ විජය රණවිරු සේවා අධිකාරියේ තම පළමු රැකියාවේ නිරත වෙමින් සිටියදී වසර කිහිපයකින් ආචාර්ය උපාධිය නිම කළේය.

 

 

රණවිරු සේවා අධිකාරියේ සේවයෙන් ඉවත්වෙමින් කථාකාචාර්ය වරයෙකු ලෙස මහනුවර පොල්ගොල්ල සමූපකාර ආයතනයේත් ඉනික්බිති ශ්‍රී ලංකා පදනම් ආයතනයේත් සේවයට ඔහු එක්විය. සම්පත්දායකයෙකු, පුහුණුකරුවෙකු, වැඩසටහන් නිර්මාණය කරන්නෙකු ලෙසත් ඔහු තම කථිකාචාර්ය තනතුරට අමතරව විශාල කාර්යභාරයක් සිදුකළ නිළධාරියෙකු ලෙස නොමද පැසසුමට ලක්වූවෙකි.

 

අව්‍යාජ නිරහංකාර නිළධාරියෙකු ලෙසත් කළණ  මිතුරෙකු ලෙසත්  සේවා ස්ථානයන්හි සේව්‍ය සේවක දෙපාර්ශවයේම සිත් දිනාගැනීමට සමත්වූ විජය දරු තිදෙනෙකුගේ පියෙකි.

 

මේ වන විට Prof. Vijeya Sooriyawewa (ආර් එම් විජේරත්න) ගේ දේහය නාරන්පාලුව, බටුවත්ත, රාගම ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අද (05) පස්වරුවේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන බව දැනුම් දී තිබේ.

 

 

නවතම ලිපි