SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සියයට තුනේ කොමිස් මුදල සම්බන්ධයෙන් ඛණිජ තෙල් සංස්ථාව තමුනට සාධාරණ විසදුමක් ලබා නොදුනහොත්

චීන ඛනිජ තෙල් හා රසායනික සංස්ථාව (සිනොපෙක්) සහ ඉන්දියානු තෙල් සමාගම (අයිඕසී) සමග ඉන්ධන බෙදාහැරීම සඳහා එක්වන බව ඉන්ධන බෙදුම් කරුවන්ගේ සංගමය පවසයි.

 

 

මේ වන විට ඔවුන් සමඟ කටයුතු කිරීමට වාචිකව කැමැත්ත පළකර ඇති බව ද සදහන් වේ.

 

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් හඳුන්වා දෙනු ලැබ ඇති තෙල් සුත්‍රයට අනුව කටයුතු කිරීමට ඉන්ධන බෙදුම්කරුවන් එකඟ වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ(04) දින පැවසුවේය.

 

ඒ,  (මාර්තු 4) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.

 

අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ, මෙම තෙල් සුත්‍රය ක්‍රියාත්මක වන අතරේ බෙදුම්කරුවන්ගේ යෝජනා පිළිබඳව විමසා බැලීමට සඳහා නැවත මාර්තු 18 වන දා සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇති බව ය.

 

ඉන්ධන බෙදුම්කරුවන්ට මෙතෙක් ලැබුණු 3%ක කොමිස් මුදල අහෝසි කිරීමට විරෝධය පළ කරමින් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් ඉකුත් සිකුරාදා (පෙබ. 28) සිට ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකීමට තීරණය කළේ ය.

 

කෙසේ නමුත්, ඉන්ධන ඇණවුම් නොකිරීමට ගත් තීරණය ඊයේ (මාර්තු 3) පස්වරුවේ තාවකාලිකව අත්හිටුවීමට ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය කටයුතු කර තිබුණි.

 

 

ඒ අතරතුර සිනොපෙක් සහ අයිඔිසී සමග එක්වීමට සාකච්ඡා කිරීමට ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය කටයුතු කර ඇත.

නවතම ලිපි