SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාතර මහේස්ත්‍රාත් අධිකරණය හිටපු පොලිස්පති (පොලිස්පති) දේශබන්දු තෙන්නකෝන්ට

විදේශ ගමන් තහනමක් නිකුත් කර තිබේ.

 

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කරන ඇත.

 

ඉකුත් 2023 දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම - පැලෑන ප්‍රදේශයේ ඩබ්ලිව් 15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිදුවීමට අදාලව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 6 දෙනෙක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය සිකුරාදා (28) නියෝග කර තිබුණි. 

 

6314/23 නඩු අංකය යටතේ විභාග වන නඩුවට අදාලව මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණ කිරීමේ චෝදනාව යටතේ මෙලෙස හිටපු පොලිස්පතිවරයා ඇතුළු පිරිස අත් අඩංගුවට ගැනීමට නියෝග කෙරිනි.

 

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් 8 දෙනෙකු නදුන් චින්තක නොහොත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අයකු අත් අඩංගුවට ගැනීමට ගිය මොහොතක අදාල හෝටලය ඉදිරිපිට සිදුවු වෙඩි හුවමාරුවකින් පසුව අදාල නිලධාරීන් පලාගොස් තිබුණි.

 

පසුව වැලිගම පොලිස් නිල සංචාර රථය පොලිස් නිලධාරීන් පැමිණි කේඩීඑච් රථය පසුපස පන්නා වෙඩි තබා තිබු අතර  ඉමදූව අධිවේගී මාර්ග පිවිසුම අසලදී වෑන් රථය නවත්වා පරීක්ෂා කිරීමේදී අනාවරණය වුයේ වෑන් රථයේ සිටි නිලධාරීන්  දෙදෙනකු තුවාල ලබා ඇති බවයි.

 

එම නිලධාරීන්  දෙදෙනා රෝහල් ගත කිරීමෙන් පසුව ගලේවෙල ආදාගල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පොලිස් සැරයන්වරයා මියගොස් තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අදාලව මෙම අධිකරණ නියෝගය ලබාදී ඇත.

 

නවතම ලිපි

2

HAPPY LOSAR