SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මන්නාරමේ සහ පුනරීන්  ඇමරිකානු ඩොලර් මිලියන 442 ක සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත් වන බව

ඉන්දියානු සමූහ ව්‍යාපාරයක් වන අදානි සමූහය නිවේදනය කළද, මුලින් උපුටා දක්වන ලද ගාස්තු නැවත සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාව එකඟව ඇත.  

 

 

ඒ අනුව සාකච්ඡා සඳහා විවෘත අවකාශයක් පවතින බැවින් ව්‍යාපෘතියේ අනාගතය පිළිබඳව තම ස්ථාවරය ලිඛිතව දැනුම් දෙන ලෙස බලශක්ති අමාත්‍යාංශය අදානි සමාගමෙන් ඉල්ලා ඇති බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.

 

මෙම ව්‍යාපෘතියට සුළං බල ව්‍යාපෘති දෙකක් සහ සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීම ඇතුළත් විය.

 

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා රජය, කලින් පැවති ඇමරිකානු ඩොලර් 0.08 ක මිල නිසා මෙම ව්‍යාපෘතියට විරුද්ධ වූ අතර එහි මිල ගණන් අඩු කරන ලෙස ඉල්ලා සිටියේය.

 

 

මෑතකදී සිය මංගල අයවැය කතාවේදී ද  ජනාධිපතිවරයා අදානි සමාගම විසින් ඉදිරිපත් කර ඇති ඉහළ මිල ගණන් වලට වක්‍රව පහර දුන්නේය.

 

 

බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරියෙකුට අනුව, ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා මිල නැවත සාකච්ඡා කිරීමට කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය මේ වනවිට ලබාගෙන ඇත.

 

එහෙත් රජයේ ස්ථාවරය එලෙසම පවතින බව ද එම  නිලධාරියා පැවසීය.

 

 

සති දෙකක් ඇතුළත තම ස්ථාවරය ලිඛිතව දැනුම් දෙන ලෙස දන්වමින් බලශක්ති  අමාත්‍යාංශය පසුගිය සඳුදා අදානි සමාගමට ලිපියක් යැවූ බව එම නිලධාරියා පැවසීය.

 

 

මෙම ව්‍යාපෘතිය 2024 මැයි මාසයේදී අන්තර්කාලීන රජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ අත්සන් කරන ලදී.

 

මීට පෙර, අදානි ග්‍රීන් සමාගම  පැවසුවේ තමන් තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවී සිටින බවත් ශ්‍රී ලංකා  රජයට අවශ්‍ය නම් අනාගත සහයෝගීතාවයට විවෘත බවත්ය.

 

කොළඹ පිහිටි රටේ විශාලතම වරායේ ඇමරිකානු ඩොලර් මිලියන 700 ක පර්යන්ත ව්‍යාපෘතියක් ඉදිකිරීමට ද අදානි සමූහය සම්බන්ධ වී සිටී.

 

මන්නාරම සහ පූනරීන් හි මෙගාවොට් 484 ක පුනර්ජනනීය බලශක්ති සුළං බලාගාර සහ ඒ ආශ්‍රිත සම්ප්‍රේෂණ පද්ධතිය පිහිටුවීම සම්බන්ධයෙන් අදානි ග්‍රීන් සමාගම වසර දෙකකට වැඩි කාලයක් ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහ විවිධ රජයේ දෙපාර්තමේන්තු සමඟ දීර්ඝ සාකච්ඡාවල නිරත විය.

 

 

නවතම ලිපි