SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද (පෙබරවාරි 28) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ඇණවුම් කිරීමේ කටයුතු

නතර කරන බව ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය නිවේදනය කර ඇත.

 

 

පවතින සංචිත බෙදා හැරීම අඛණ්ඩව සිදුකරන බවත් එහෙත් නව ඇණවුම් ලබා නොදෙන බවත් ඔවුහු පවසති.

 

 

මීට හේතුව වී ඇත්තේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන බෙදුම්කරුවන්ට මෙතෙක් ලබා දුන් 3%ක වට්ටම් මුදල අහෝසි කිරීමට පියවර ගැනීමයි.

 

 

නව සමීකරණයකට අනුව හෙට දින සිට ගෙවීම් සිදු කිරීමට සංස්ථාව පියවර ගෙන ඇත.

 

මෙම වෙනස 2022 මාර්තු මාසයේදී නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුකූල වන බවත්, එමඟින් වත්මන් ගෙවීම් ක්‍රමය නීති විරෝධී බවත් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති DJ රාජකරුණා සඳහන් කළේය.

 

ඊට ප්‍රතිචාර වශයෙන්, බෙදාහරින්නන්ගේ සංගමය අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී තහවුරු කළේ තම ඛනිජ තෙල් ඇණවුම් අත්හිටුවන බවයි.

 

“අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා අපි ගාව තියෙන තෙල් විතරයි විකුණන්නේ ආපහු ඕඩර් කිරීමක් කරන්නේ නැහැ. යම් කිසි විදිහකින් ඛණිජ තෙල් සංස්ථාව හෝ වෙනත් සමාගමක් තෙල් ලබා දුන්නොත් අපි විකුණනවා. නිකන් ලැබෙන තෙල් ඕන තරම් විකුණනවා. අපිට සල්ලි දීලා මේ මිලට තෙල් අරන් විකුණන්න පුළුවන් කමක් නෑ.”

 

ඒ වගේම තමයි ජනාධිපති කාර්යාලයේ සිට සියලුම රාජ්‍ය තන්ත්‍රයට අපි තෙල් ලබා දෙනවා ක්‍රෙඩිට් ෆැසිලිටි එක යටතේ. මේවා ලබා දෙන්නේ රජයෙන් නෙමේ බෙදුම්කරුවන්ගේ සල්ලිවලින්. ඒ නිසා අපි හෙට උදේ ඉඳලා කිසිම රාජ්‍ය ආයතනයකට ක්‍රෙඩිට් එකට තෙල් ලබා දීම කරන්නේ නෑ සල්ලි ගෙනත් දුන්නොත් විතරයි තෙල් දෙන්නේ.”

නවතම ලිපි