වසර 3ක් සම්පූර්ණ වූ රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය අවසන් කිරීමට සහ
රුසියානු හමුදාව යුක්රේන භූමියෙන් ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළ යුරෝපා රටවල යෝජනාවට අමෙරිකාව විරෝධතාව පළ කර තිබේ.
ඒ වෙනුවට යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා පසුගියදා සෞදි අරාබියේදී අමෙරිකානු සහ රුසියානු ඉහළ මට්ටමේ සාකච්ඡාවෙන් පසුව රුසියාවට සහාය පළ කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාව සම්මත වී ඇත.
කෙසේ වුවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීමකදී අමෙරිකාව විසින් යුක්රේන යුද්ධය සම්බන්ධව රුසියාවට සහාය පළ කරනු ලැබූ පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.