අලුත් ආණ්ඩුවේ රටේ ලොක්කා අලුතින්ම ගොඩනඟපු
අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධානියෙක් තමයි රන්මල්.
ඉතිං පහුගිය දවස්වල රන්මල්ට එරෙහිව බොහෝ මාධ්‍යවල පළවුනේ එයා මානව හිමිකම් කඩකරමින් අනීතික වධක භාවිතයන් ගැනයි. වීඩියෝ පවා මේ ගැන සමාජ මාධ්‍යයේ වයිරල් උනා.
ඒවගේම රාජ පක්ෂ පවුල හා ඇති සම්බන්ධතාවන්හි ස්වරූපය ගැනත් බොහෝ දේ කතාඋනා.
මේ හින්ඳ වත්මන් ආණ්ඩුව වෙනුවෙන් පෙනී හිටපු සමහර ප්‍රවීන මාධ්‍යවේදියෝ කිව්වෙම මේ අපරාධ විමර්ශන ඒකකයෙන් රන්මල්ව ඉවත් කරන්නමයි කියලයි.
කොහොම උනත් ගොසිප් තීරයෙන් අද අපි කියන්න යන්නෙ මාධ්‍යවල පළවුනු කාරණා ගැන නෙවෙයි.
පහුගිය දවසක් රටේ ලොකු තැනගෙන් රන්මල්ට දුරකථන ඇමතුමක් ආවලු.
ඔයා රන්මල් .
ඔව් සර්. ඔබතුමා මගේ නම දන්නව.
එහෙමනම් හරිනේ. දැන් වැඩ කරන්න පටන් ගන්න.
ඒත් සර් මාව අයින් කරන්න කියල, මට විරුද්ධව හුඟක් දේවල් යනවනේ.
ඒව වැඩක් නැහැ. ඔයා වැඩ පටන් ගන්න. මේක කරන්න ඔින.
ඒ කියන්නෙ අර මාධ්‍යවේදී ප්‍රවීනයො සුනන්දලා, පෝද්දලලා මොන තර්ක ගෙනාවත්, මොන වීඩියෝ පෙන්නුවත් ලොක්ක රන්මල්ගෙන් වැඩේ කරන්න හදන්නෙ.
පහුගිය දවසක රන්මල් කියූවාය කියල ප්‍රවෘත්තියක් වෙලා තිබුණේ “මිනී මරණ අයට රටේ කව්රු කතා කළත් මගෙන් නම් ගැලවීමක් නෑ” කියලලු.
එහෙම කියල මිනී මරපු අයව සුපුරුදු ආයුධ පෙන්නන සෙල්ලම යළි ක්‍රියාත්මක කරල මරල දැම්මම සාක්ෂිත් මැරෙනව කියලයි කට්ටියනම් කතා වෙන්නෙ.
ඒ මොනව උනත් මේ උන්දෑ ගැන වෙනමම කතාවක්ලු.
මම උදේට මොනව හරි පලතුරක් කාල පලතුරක් බීල බ්‍රැන්ඩි කාලකුත් හැමදාම ගහල තමයි වැඩට යන්නෙ. බීලනේ ඉන්නෙ. මගේ දිහා බැලුවත් කව්රුහරි ගහන්නම තමයි මට හිතෙන්නෙ.
ඔන්න ඔහොම තමයිලු එයා කියනවය කියන්නෙ.
අර සෝෂල් මිඩියා ශෙයා උන කාර් එකේ පුද්ගලයෙක්ට පහර දෙන වීඩියෝවෙදි ඒ පුද්ගලයා කියනව මතක ඇති නේද බලන්න ඔයා දැනුත් බීල ඉන්නෙ කියල.
අන්න ඒක බැලුවම මේ කියන කතාව ඇත්ත වෙන්න පුළුවන් කියලයි සමහරු නම් කතාවෙන්නෙ.
මොනව උනත් රටේ ලොකු තැනගෙන් නම් රන්මල්ට ආශීර්වාදය තියෙනවලු,
මේ ආණ්ඩුවටත් ඔින වෙලා තියෙන්නෙ නහර කාරයින්ව මෙල්ල කරගන්න පුළුවන් හයිය හත්තිය ගැම්ම උණ තියෙන නිළධාරීන් වෙන්න ඇති ලු.
හරි හරි බයියො සෙට් එක දැන් ඉතිං ඔිසෙට බඩු කිරන්න පටන් ගන්න එපා.
බලන් ඉමු.
#Gossip