SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රුපියල් බිලියන 3.5 ක එකතු කළ අගය මත බදු (වැට්) ගෙවීම පැහැර හැරීමේ චෝදනාවට ලක්ව

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් ඩිස්ටිලරීස් හි අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තවත් දෙදෙනෙකු අද නිදහස් කර තිබේ.

 

 

ඔවුන් වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක තහවුරු කළේය.

 

වැට් බදු පැහැර හැරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තිදෙනාට මාස හයක සිර දඬුවමක් නියම කර තිබුණි.

 

කෙසේ වුවද මේ වනවිට බදු නොගෙවීම මත මෙන්ම රාජ්‍ය බැංකු කිහිපයකින් විශාල වශයෙන් ණය ලබාගෙන නැවත නොගෙවීම හේතු කොටගෙන මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන අත්හිටුවා තිබෙන අතර මේ සඳහා සහනයක් ලබාගනිමින් නැවත නිෂ්පාදන ආරම්භ කිරීමට වත්මන් රජය පාර්ශ්වය එකඟ කරගැනීමේ උත්සාහයක් පවතින බවටද විවිධ ආරංචිමාර්ග පලවෙමින් ඇත.

 

නවතම ලිපි