පසුගිය 17 දා මැතිසබයේදී සම්මත වූ පළාත් පාලන විශේෂ විධිවිධාන පනත
තුන්වැනි වර කියැවීමේදී ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ලැබී ඇත්තේ වැඩි ඡන්ද 2ක් පමණි.
අදාළ පනත දෙවැනි වර කියැවීමේදී ඊට පක්ෂව ඡන්ද 187 ක් ලැබුණි. එහෙත් අවසන් ඡන්ද විමසීමේදී (තුන්වැනි වර කියැවීමේදී) ලැබුණේ ඡන්ද 158 කි. ඉන් මන්ත්‍රීන් 6 දෙනෙක් විපක්ෂය නියෝජනය කළහ.
මෙලෙස පනතට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රීන් 6 දෙනා වන්නේ රවී කරුණානායක, නිෂාම් කාරියප්පර්, උදුමා ලෙබ්බේ, රාමනාදන් අර්චුනා, කේ.එස්. කුගදාසන්, ඉස්මයිල් මුත්තු මොහොමඩ් යන මන්ත්‍රීන්ය.
එම මන්ත්‍රීන් 6 දෙනා ඉවත් කළ විට ආණ්ඩු පක්ෂයට සිටියේ මන්ත්‍රීන් 152 කි. ඒ අනුව පනත 2/3 වැඩි ඡන්දයෙන් සම්මත වන ඡන්ද 150 ට වඩා ආණ්ඩු පක්ෂයට එම පක්ෂයෙන් ලැබී ඇත්තේ මන්ත්‍රීන් 2කුගේ ඡන්දය පමණක් බව දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි.
deshaya