SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යංශයෙන් (FBI) අධ්‍යක්ෂවරයා ලෙස

කාෂ් පටෙල් පත් කර ඇත. කාෂ් පටෙල් ඉන්දියානු සම්භවයක් සහිත අමෙරිකානුවෙකි.

 

 

රිපබ්ලිකන් පාලිත අමෙරිකාවේ සෙනෙට් සභාව විසින් කාෂ් පටෙල්ගේ නම් කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් තෝරා ගැනීමෙන් අනතුරුව ඔහුව සෙනෙට් සභාව විසින් FBI අධ්‍යක්ෂකරයා ලෙස  බ්‍රහස්පතින්දා නම් කර ඇත.

 

කාෂ් පටෙල් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම හිතවාදියෙක් බව පැවසේ. එෆ්.බී.අයි. ප්‍රධානියා ලෙස එම ධුරයට ඔහු නම් කර ඇත්තේද ජනාධිපති ඩොනල්ඩ්  ට්‍රම්ප්ය. ඒ අනුව, සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ඊට හිමිවිය.

 

ඒ අනුව, කාෂ් පටෙල් ඉන්දියානු සම්භවයක් ඇති පළමු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂවරයා ලෙස නුදුරේදීම වැඩ භාර ගැනීමට නියමිතය.

 

කාෂ් පටලේ උපත ලබා ඇත්තේ 1980 වසරේය. ඔහුගේ මව සහ පියා ගුජරාඨ වැසියන් වන අතර  ඇමෙරිකාවට පැමිණීමට පෙර, පටලේ හැදී වැඩී ඇත්තේ දකුණු අප්‍රිකාවේය.

 

පටෙල්, එක්සත් රාජධානියේ යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් නීති විද්‍යාලයෙන් නීති උපාධියක් ලබා ගෙන ඇත.

 

ඔහු ජාතික ආරක්ෂක උපදේශක සහ බුද්ධි තොරතුරු පිළිබඳ නිවාස ස්ථීර තේරීම් කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ලෙස ද කටයුතු කර ඇත.

 

 

නවතම ලිපි

9

තෙල් සාදය