දෝශාභියෝගයක් ගෙන ඒමට පෙර ඉල්ලා අස්වන ලෙස ඇති වූ බලපෑම් හමුවේ ඉවත් වූ
මහාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න වෙනුවට ජාතික ජන බලවේගයේ ප්‍රධානියකුගේ ඥාතිවරියක පත් කර ගැනීමට දැඩි තෙරපුමක් රජයේ ඉහළම තැන්වලට යොමු වෙමින් තිබේන බව වාර්තා වේ.
බන්දුල කරුණාරත්න විනිසුරුට ඉල්ලා අස්වීමට සිදු වූයේ ඩයනා ගමගේ නඩුව සම්බන්ධයෙන් ඔහු ක්‍රියා කල අනිසි අන්දම නිසාය.
දැන් එවැනි තවත් අනිසි බලපැමක් යෙදවමින් ඇත්තේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මාලි කරුණානායක එම හිස් වූ අසුනට පත් කරවා ගැනීමටය.
මෙම තනතුර සඳහා ඇයට වඩා සුදුසු පුද්ගලයින් සිටින බව කණස්සල්ලට පත් නීති අංශ ප්‍රකාශ කරති.
මෙම බලපෑම ගෙන එනු ලබන්නේ නියෝජ්‍ය ඇමතිවරයකු සහ මැතිවරණයට ඉදිරිපත් වී තේරී පත්වීම දිස්ත්‍රික් නායකයා විසින් වළක්වන ලද ජාතික ජන බලවේගයේ ප්‍රධානියකු විසින් යැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි.
එසේ වුව හොත් රාජපක්ෂ සමයේ මෙන් දැන හැදුනුම්කම් මත නඩු තීන්දුවීමට ඉඩ ඇතැයි නීති අංශ බිය පළ කරති.
ජාතික ජන බලවේගයට උර දුන් යම්යම් පුද්ගලයින්ට දැනටමත් ප්‍රාදේශීය වශයෙන් නිසි ක්‍රියාපරිපාටියකින් තොරව දෙන ලද පත්වීම් ගැන වාර්තා වී තිබේ.
මෙම තත්වය උත්සන්න වුවහොත් ජනාධිපති අනුර කුමාර දිසානායකට සිදුවනු ඇත්තේ ” අලි මදිවට හරක්’ වැනි කලබගෑනියක් යැයි තතුදත් පිරිස් සැක පළ කරති.
බොම්බඩියර් විසිනි.
කාටූනය කෝ-පයිලට් නම් කෘතිම බුද්ධියෙනි.
@ srilankabrief.org