හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම වසර අවසාන වීමට ප‍්‍රථම
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස පත්වීමට නියමිතව ඇතැයි වාර්තා පළවෙමින් තිබේ.
වත්මන් ආණ්ඩුවේ ආධුනිකත්වය මත විවිධ ගැටලු වලට මුහුණදීමේ අපරිනත බව මෙන්ම රටේ පවතින මූල්‍ය අර්බූධය නිසාවෙන් ඔවුනට ගෙනයෑමට සිදුව ඇති වැඩපිළිවෙල නිසා ඔවුන්ගේම ප්‍රතිපත්ති ඛන්ඩනය වෙමින් සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය රැල්ල තුළ අපකීර්තියට පත්වෙමින් තිබීම මොහුගේ ආගමනයට හේතුව විය හැකි යැයි විශ්ලේෂක අදහස වී ඇත.
කෙසේ වුවද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් දැනට පාර්ලිමේන්තු නියෝජනය කරන ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරයෙකු ඉල්ලා අස්වීමෙන් පසු ඇතිවන පුරප්පාඩුව පුරවමින් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා පසුගිය ගෝඨාභය පාලන කාලයේදී මෙන්ම මෙවරද පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව කියැවේ.
මේ අතර රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පත්වීමෙන් පසු විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඔහු සමග සම්බන්ධ වීමට කටයුතු කරනු ඇති බවත් විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක් තුළ විවිධ කලකිරීම්වලට පත්ව ඇති මන්ත්‍රීවරුන් පසුගිය කාලයටත් වඩා පරිවර්තනයකට මුල පුරනු ඇතැයිද ආරංචිමාර්ග පවසයි.