SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙවර මහ කන්නයේ මිලදී ගැනීමට නියමිත වී මෙට්‍රික් ටොන් මිලියන 26ක් වෙනුවෙන්

රුපියල් බිලියන 325ක් අවශ්‍යව ඇතත් රජය ඒ සඳහා රුපියල් බිලියන 05ක් වෙන්කර තමනට ‘පාට්’ දමන බව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.

 

 

මෙවර මෙට්‍රික් ටොන් මිලියන 26ක අස්වැන්නක් අපේක්ෂා කරන බවත් දේශපාලනඥයින් තම නොහැකියාව, බැරිකම, නොදැනුවත්කම වහගන්න සහල් මාෆියාව කියා චෝදනා නඟන බවත්  ඔහු පවසයි.

 

චන්ද්‍රිකා බණ්ඩාරනායක කාලයේ ඩොලරය පහළ අගයක තියෙද්දී පොහොර සදහා රුපියල් බිලියන 42ක් වෙන්කල බවත් අද ඩොලරය 300 වෙද්දී වෙන් කර ඇත්තේ බිලියන 35ක් පමණක් බවත් ඔහු පවසයි.

 

කොළඹ පැවැති උත්සවයකදී මෙවර අයවැය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

 

 

“මෙවර අයවැයෙන් පොහොර සඳහා මිලියන 35,000ක් වෙන් කර තිබෙනවා. 1994 දී බලයේ සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියත් ඒ කාලයේ පොහොර සඳහා රුපියල් මිලියන 42,000ක් වෙන් කරා.

 

සහල් මිල අඩු නොකිරීමේ ‘මාෆියාව’ අපි කියලා තමන්ගේ නොහැකියාව වසාගන්න ඔවුන් ක්‍රියාකරනවා.

 

මම හිටපු ජනාධිපතිවරයකුගේ මල්ලි කෙනෙක්. මම දන්නවා වැඩ වෙන විදිහ. හැම දේශපාලකයාටම අවශ්‍ය රටේ ප්‍රශ්න විසඳීමට නෙවෙයි.

 

අද පොලුත් නෑ කන්න හාලුත් නැහැ එළවළුත් නෑ අපිට ‘මාෆියාව’ කිය කියා ඉන්නවා. අද රුපියල් 30,000ට වැඩ කරන්න මිනිස්සු නැහැ. බජට් එකක මේ ගැන කතා කිරීම මෝඩ කමක්. වී මෙටි්‍රක් ටොන් මිලියන 26ක් කිලෝවට රුපියල් 125ක් බැගින් මිලදී ගන්න රුපියල් බිලියන 325ක් වැය වෙනවා. රජය එයට බිලියන 05ක් වෙන් කරලා අපිට ‘පාට්’ දැමීම හරිද?”

 

 

නවතම ලිපි

9

තෙල් සාදය