තම පක්ෂ නායකත්වයට අමතරව සමගි ජන බලවේගයේ (SJB) කොළඹ දිස්ත්‍රික් නායකත්වය
තමා වෙත තබා ගැනීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇත.
තමා විසින් ගත් මෙම තීරණය ගැන කතා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍යවේදීන් අමතමින් පැවසුවේ,
"හර්ෂ සමඟ මට කිසිදු ගැටළුවක් නැහැ. ඒ වගේම සජබ කොළඹ දිස්ත්‍රික් නායකත්වය තබා ගැනීමට මා ගත් තීරණයට කිසිම සම්බන්ධයක් නැහැ" යනුවෙනි.
ආචාර්ය හර්ෂ ද සිල්වාට දිස්ත්‍රික් නායක ධුරය ලබා නොදුන්නේ මන්දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.
මීට පෙර ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ සජබ කොළඹ දිස්ත්‍රික් නායකත්වයට වඩාත්ම සුදුසු පුද්ගලයා තමන් බවයි.
"සජබ කොළඹ දිස්ත්‍රික් නායකත්වයට මම තමයි සුදුසුම පුද්ගලයා, නමුත් තනතුරු දඩයම් කිරීමට මම අදහස් කරන්නේ නැහැ. බලහත්කාරයෙන් තනතුරු ලබා ගත නොහැකියි,"
එජාපය සමග සන්ධානයක් නෑ..
මේ අතර පසුගිය කාලය පුරා එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය අතර සාකච්ඡා වට කිහිපයක්ම පැවති බවට මාධ්‍ය වෙත පක්ෂ මහලේකම්වරයා විසින් අදහස් දැක්වූ අතර මේ වනවිට සජිත් ප්‍රේමදාස පාර්ශ්වය ගෙන ඇති තීරණය වන්නේ එළැඹෙන පළාත් පාලන මැතිවරණයට තනිව තරඟ කිරීම බව වාර්තා වේ.
ඉදිරි පළාත් පාලන මැතිවරණයට ස්වාධීනව තරඟ කිරීමට සමගි ජන බලවේගය (SJB) ගත් තීරණයට අනුකූලව, සියලුම දිස්ත්‍රික්ක සඳහා නාමයෝජනා මණ්ඩල පත් කිරීමට පක්ෂය පියවර ගෙන ඇතැයිද, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව මැතිවරණයට තරඟ කරන බවට ඇතැම් වාර්තා පළ වුවද, සමගි ජන බලවේග නායකයින් මෙම ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එවැනි වාර්තා අසත්‍ය බවත් පවසයි.