සිංහරාජ වනාන්තරයට පවරා ගැනීමට යෝජිතව පවතින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම (LRC) ට අයත්
ඉඩම් අක්කර දහසකට ආසන්න ප්‍රමාණයක් විවිධ ව්‍යාපාරිකයන් පෞද්ගලිකව අත්පත් කරගෙන ඇති බව වාර්තා වේ.
ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර දේශය පුවත්පතට පවසා ඇත්තේ එම ව්‍යාපාරිකයින් විසින් මෙම ඉඩම් යොදා ගනිමින් තේ සහ එනසාල් වගාව, මැණික් ගැරීම සහ හෝටල් ඉදිකිරීම වැනි කටයුතුවල යෙදෙන බව යි.
2004 දී ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මෙම LRC ඉඩම් සිංහරාජ වන රක්ෂිතයට පවරා ගැනීමට යෝජනාවක් කර තිබුණු අතර එම නියෝගය ක්‍රියාත්මක වීම මන්දගාමී වීම නිසා මෙසේ මෙම ඉඩම්වල පරිසර විනාශයට හේතුවන කටයුතු සිදුවන බවත් සජීව චාමිකර පවසයි.
ඊට අමතරව බලපත්‍ර සහිත ඉඩම් අයිතිකරුවන් තම ඉඩම්වලට යාබදව තිබෙන LRC ඉඩම් ටිකෙන් ටික ඈඳා ගැනීම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් බදු ඉඩම් ලෙස පවරාගනිමින් වනාන්තර ඉඩම් භුක්ති විඳීම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම (LRC) ට පවරා ගැනීමට පෙර පැවති පැරණි ඔප්පුවලින් ඉඩම් විකිණීම වැනි අකටයුතුකම්ද රැසක් සිංහරාජ රක්ෂිතය වටා සිදුවන බව ඔහු සඳහන් කරයි.
පරිසරවේදී සජීව චාමිකර පවසන්නේ මෙම ඉඩම් අත්පත් කරගැනීම බහුලව සිදුව ඇත්තේ මෝනිං සයිඩ්, ගොන්ගල, බෝටියතැන්න, මාණික්කාවත්ත, රෝස්මෙරිවත්ත වැනි ප්‍රදේශවල බවය.