අදානි සමාගම ශ්‍රී ලංකාවේ සුලං විදුලි ව්‍යාපෘති අත් අතහැර දැමීම හරහා සංඥා කර ඇත්තේ
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව අතහැරි බව යයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
කොළඹ මල් පාරේ පිහිටි තම මැතිවරණ කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
එසේම මේ නිසා ඉදිරියේදී ශ්‍රී ලංකාවට අසීරුතාවයන්ට මුහුණ දීමට සිදුවීමේ ඉඩක් ඇති බවද ඔහු වැඩිදුරටත් කියයි.
ඉන්දීය අදානි සමාගම සුලං විදුලි බලාගාර ව්‍යාපෘතිය අතහැර මෙරටින් පිටවීමත් සමඟ රජය නැවතත් ඔවුන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බවත් එළැඹෙන සතියේදී ඒ සම්බන්ධව රහසිගත සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් පසුගියදා මාධ්‍ය මගින් හෙළිදරව් කරන ලදී.
කෙසේ වුවද ගෞතම් අදානි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමීපතම මිතුරෙකු ලෙස ගැනෙන අතර මේ වනවිට මන්නාරම සහ පුනරීන් ව්‍යාපෘතිවලට අමතරව කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු සිදුකරනු ලබන්නේද අදානි සමාගම විසිනි. එහි අදානි සමාගම සතුව කොටස් 51%ක් සතුව පවතී.