මාලිමා ආණ්ඩුවෙන් පෝට්සිටියට පත්කළ සභාපතිවරයා වැඩබාරගෙන විතරයිලු.
මේ තාක් එකම දවසක් හෝ සභාපති පුටුවේ වැඩකරන්න ඇවිත් නැතිලු.
ඒ විතරක්ද මේ වෙද්දිත් රජයේ බොහෝ ආයතනවලට දේශපාලන අධිකාරිය විසින් පත්කළ යුත් මුල් පුටු තනතුරු තවමත් පත්කර නැතිලු.
මුල් පුටු පත්කල බොහෝ ආයතනවලටත් අවශ්‍ය අධ්‍යක්ෂක මණ්ඩල නම් කිරීම මෙතෙක් සිදුකර නැතිලු. එම ආයතන බොහොමයක් ප්‍රතිපත්තිමය සහ මූල්‍ය තීන්දු ගතයුතු අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතියෙන් වීම නිසා ආයතනයන්වල වැටුප් ගෙවීමේ සිට චෙක්පත් අත්සන් දක්වා කිසිදු මූල්‍යමය තීරණයක් පවා ගැනීමට නොහැකි වෙලා තිබෙනවාලුය.
සමහර සභාපතිවරුන් ආවරණ අනුමැතිය යටතේ අදාළ කාර්යයන් සිදුකරනවා වුවත් සමහර දෙනා එසේ කිරීමට බියකින් පසුවෙන්නේ පහුගිය කාලවල එලෙස ආවරණ අනුමැතිය යටතේ රාජකාරී කළ බොහෝමයක් දෙනාට නතරවන්නට සිදුවූයේ බ්‍රයිබරියේ වීම නිසාලු.
කොහොම උනත් ආණ්ඩු විරෝධීන් නම් කියන්නේ මේ රජයට අදාළ රාජකාරීවලට පත්කරගත හැකි පිරිසක් නොමැතිවීමෙන් මේවා මෙසේ හිස්ව ඇති බවය.
මේ නිසා පහුගිය රජයන්වල ක්‍රියාකාරීව වැඩකළ සමහර එකී රජයන්හි දේශපාලන හිතවතුන්ට රටේ සමහර කටයුතු බාරගෙන වැඩකරන්නට ඉහලින්ම ආරාධනාත් ලැබී තිබෙනවාලුය.
අදහසක් නැතිව පාලන බලය ගත්තහම අවසානයේ සිද්දවෙන්නෙ මේ වගේ අලකලංචිය කියල සමහර කට කැඩිච්ච කොල්ලො කෙල්ලන් කියන්නේ මේ හින්දාලුය.
#Gossip